රට තුළ තිබෙන සියලු වරායන්වල ආරක්ෂාව දැඩි කිරීමෙන් වරාය තුළින් වැරදි කටයුත්තක් සිදුවන්නේ නම් එය වළක්වා ගැනීමටත්, රටේ ආර්ථිකයට බලපෑමක් ඇති නොවන්නටත් කටයුතු සකස් කොට තිබෙන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසා සිටියි.
හෙතෙම පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපරිම දායකත්වය මේ අවස්ථවේදී ලබාදෙමින් සිටින බවයි. ඒ අනුව, රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කරන්නා වූ අනෙක් සියලු කටයුතුවලටත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපරිම දායකත්වය ලබාදෙන බවද හෙතෙම සඳහන් කරයි.
විශේෂයෙන්ම, සාගර කලාපය යොදා ගනිමින් වෙරළතීරය යොදා ගනිමින් රට තුළට ඇතිවන්නා වූ උපද්‍රව නීති විරෝධී කටයුතු වැළැක්වීමට නාවික හමුදාවේ සහයෝගයක් හා බලයක් යොදවා ඇති බවත් නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් පවසයි.