ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය, සම්පත් බැංකුව හා එක්ව 'Workshop for Business Startups - ව්‍යවසායකත්වය හා නව ව්‍යාපාර සැලසුම් කිරීම' පිළිබඳ එක් දින වැඩමුළුවක් සංවිධානය කර තිබේ.
මෙම වැඩමුළුව 2018 අගෝස්තු 29 වැනි බදාදා පෙ.ව.9.00 සිට ප.ව.4.30 දක්වා නො.184, රිච්මන්ඩ් කන්ද පාරේ පිහිටි ගාල්ල ආරාධනා හෝටලයේදී පැවැත් වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පවසයි.
ප්‍රදේශයේ තරුණ තරුණියන් අතර සුළු හා මධ්‍ය පරිමාණ නව ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වී ඇති අතර, එහිදී ව්‍යවසායකත්වය හා නව ව්‍යාපාර ආරම්භ කිරීමේදී නිවැරදි තීරණ ගන්නා ආකාරය, ලාභ ලැබීම හා ප්රතිලාභ අත්කර ගන්නා ආකාරය, එකී නව ව්‍යාපාරවල ගුණාත්මකභාවය හා ඵලදායීතාවය ඉහළ නංවාගන්නා ආකාරය, වඩාත් සුදුසු තාක්ෂණයක් අත්පත් කරගන්නේ කෙසේද යන්න ආදිය පිළිබඳව දැනුවත් කිරීම සහ එකී නිෂ්පාදන කෙසේ අලෙවි කරගත හැකිද යන්න පිළිබඳව සාකච්ඡාවට බඳුන්වන බව කියයි. මෙමගින් ප්‍රදේශයේ තරුණ තරුණියන් අතර රැකියා අවස්ථා වැඩි දියුණු කිරීමට අපේක්ෂිතය.
මෙම ක්ෂේත්රය පිළිබඳ මනා පළපුරුද්දක් ඇති දීපාල් සූරියආරච්චි (අධ්‍යක්ෂක සම්පත් බැංකුව, ප්‍රවීණ කළමනාකරණ උපදේශක, දේශක, විධායක පුහුණුකරු සහ ලේඛක) සහ චන්දන ගුණවර්ධන (පුද්ගල විභවතා සංවර්ධන හා මනෝවිද්‍යා පුහුණු උපදේශක සහ ලේඛක) යන මහත්වරුන් විසින් මෙම වැඩමුළුවේ දේශන මෙහෙයවනු ලැබේ.
සා.පෙළ, උ.පෙළ, උසස් අධ්‍යාපනය නිමකළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, රැකියාවක් අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට, වැටුපක් නොව ආදායමක් ඉපැයීමට කැමැති තරුණ තරුණියන්ට, තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින තරුණ තරුණියන්ට, දැනටමත් කිසියම් ව්‍යාපාරික කටයුත්තක නියැලෙන තරුණ තරුණියන්ට, ව්‍යාපාරික කටයුතු පිළිබඳ දැනුම ලබාගැනීමට කැමැති තරුණ තරුණියන්ට මෙම වැඩමුළුව සඳහා සහභාගිවිය හැකි බවද ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පෙන්වා දෙයි.
මෙම වැඩමුළුව සඳහා බඳවා ගැනීම් සීමිත බැවින් ලියාපදිංචි වීම අනිවාර්ය බවත්, වැඩි විස්තර සඳහා 011-4741788 දුරකථන අංකයෙන් ලබාගත හැකි බවත් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය වැඩිදුරටත් පවසයි.