වියට්නාම තානාපති ෆෑන්ටි්ර නෝක්ග් මහත්මිය ප්රමුඛ තානාපති හමුවක් 2018 සැප්තැම්බර් මස 26 වැනි බදාදා ශී‍්‍ර ලංකා ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
එදින ප.ව. 3.00 සිට ප.ව. 4.30 දක්වා, අංක 450, ඩී.ආර්.විජයවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයේදී මෙය පැවැත්වෙනු ඇත.
මෙහිදී වියට්නාම තානාපතිවරයා හා අනෙකුත් නිලධාරින් සමග ද්වීපාර්ශ්වික වෙළෙඳ කටයුතු පිළිබඳ මෙන්ම ව්‍යාපාරික අවස්ථා පිළිබඳවද සාකච්ඡා කිරීමට අවස්ථාව උදාවනු ඇති බව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය කියයි.
ශ්‍රී ලංකාව වියට්නාමයට අපනයනය කරන භාණ්ඩ අතර, පාවහන්, මත්ස්‍ය සම්පත, ඇගළුම්, තේ, සංයුක්ත රබර්, නිමිඇඳුම් ආදිය වෙයි. එහිදී, වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩ අතර, දුරකථන කට්ටල, ස්වභාවික රබර්, පෝට්ලන්ඩ් සිමෙන්ති, ගම්මිරිස්, රෙදිපිළි වර්ග ආදිය වෙයි.
මෙම අවස්ථාව සඳහා ලියාපදිංචි වීමට 011-4741788 දුරකථන අංකයෙන් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය අමතන්න.