2018 ඔක්තෝබර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඇ.ඩො.මිලියන 599ක් ලැබී ඇති අතර, එය 9.7%ක වර්ධනයකි.
එමෙන්ම, පෙර වසර සමග සැසඳීමේදී අඛණ්ඩව මාස 5ක් පුරා විදේශ සේවා නියුක්තිකයන්ගෙ ප්‍රේෂණ සුළු වශයෙන් පහළ යෑමක් දක්නට ලැබුණු පසුබිමක, ඔක්තෝබර් මාසයේ මෙම ඉහළ යෑම සැලකිය යුතු වර්ධනයක් බව මහ බැංකුව කියයි.
ඒ අනුව, වසරේ පළමු මාස 10 තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල පහළ යෑම 2017 අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 0.5%ක් වී ඇති අතර, 2018 පළමු මාස 10 තුළදී ප්‍රේෂණ ලෙස ඇ.ඩො.මිලියන 5,876ක් ලැබී තිබේ.