විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේම නිවාසක් සාදා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 100ක උපරිම ණය මුදලක් ලබාදීමේ තවත් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ඊයේ (28දා) දඹුල්ලේදී පැවති එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ගොවි සහන ණය යෝජනා ක්‍රමය අරඹමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"2019 වසර ආරම්භ වන්නේ පැවැති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය තවත් පුළුල් කරමින්. මීට පෙර ක්‍රියාත්මක වූ ණය යෝජනා ක්‍රමවලට අමතරව නව ණය වර්ග කිහිපයක්ම අලුතින් හඳුන්වා දී තිබෙනවා.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේම නිවාසක් සාදා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 100ක උපරිම ණය මුදලක් ලබාදීම එක් නව ණය යෝජනා ක්‍රමයක්. පවතින පොලී අනුපාතයෙන් 50%ක පොලී අනුපාතිකයක් යටතේ අදාළ ණය මුදල ලබා දෙනු ලබන්නේ ණය ගෙවීම සඳහා වසරක සහන කාලයක්ද සමගයි." යනුවෙන් පවසා සිටියේය.