ඩොලරයේ සැබෑ අගය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේ පැවති මතභේදාත්මක තත්ත්වයේ වෙනසක් සිදුවෙමින් අද (07දා) වනවිට වාණිජ බැංකුවලද ඩොලරයේ අගය මහ බැංකුවේ අගයට සමාන අගයක් ගෙන තිබේ.
ඒ අනුව ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.198.50ක් සහ විකුණුම් මිල රු.202.99ක් ලෙස අද දිනයේ වාර්තා කර තිබිණි.
එසේම ප්රධාන පෙළේ රාජ්ය හා පෞද්ගලික වාණිජ බැංකුවලද විනිමය අනුපාතය සලකා බැලීමේදී ඩොලරයේ විකුණුම් මිල රු.203.00ක ස්ථාව අගයක පවතින ආකාරය දැකිය හැකි විය.