ලෝක වෙළෙඳ පොළෙහි රන් මිල ගෙවුණු සතිය තුළ 1.3%කින් ඉහළ ගොස් තිබේ.
එහිදී, රන් අවුන්සයක මිල ඇ.ඩො.1,510ක් ලෙස සටහන් වූ අතර, මේ සමග ලෝක වෙළෙඳ පොළේ රිදී මිලෙහිද 4%ක වර්ධනයක් දැකිය හැකිය.
එහිදී, රිදී අවුන්සයක මිල ඇ.ඩො.18.25ක් ලෙස වාර්තා වූ අතර, ලෝක වෙළෙඳ පොළේ ප්ලැටිනම් මිලද අවුන්සයකට ඇ.ඩො.40කින් ඉහළ ගොස් තිබුණි.
රන් මිල ඉහළ යෑම සඳහා දීපවාලී උත්සවයද යම් බලපෑමක් කර ඇති අතර, එක්සත් ජනපද ආර්ථිකය හා ලෝක ආර්ථිකයන් අතර පවතින අස්ථාවරත්වයන්ද මීට හේතු වී තිබේ.