අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද පරිදි සහ මුදල් අමාත්‍යාංශය විසින් 2019 දෙසැම්බර් 31 වැනි දින ලබාදුන් උපදෙස් පරිදි, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සිදුකරන විධිමත් සංශෝධනයන්ට යටත්ව, 2020 ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඕනෑම වාසික පුද්ගලයෙකු වෙත (රඳවා ගැනීමේ බදු අනුයෝජිතයෙකු විසින් යම් පුද්ගලයෙකුට මසකට රුපියල් 50,000ක් ඉක්මවන ගෙවීමක් කරනු ලබන අවස්ථාවේ දී 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 85(1) (අ) වගන්තිය යටතේ සහ පළමු උපලේඛනයේ 10(ඇ) අයිතමය යටතේ 5% බදු අඩු කිරීම), ගෙවිය යුතු සේවා ගාස්තු මත රඳවා ගැනීමේ බද්ද ඉවත් කර ඇත.
ඒ අනුව, 2020 ජනවාරි 01 වන දින හෝ එදිනට පසුව, ඕනෑම වාසික පුද්ගලයෙකු විසින් සිදු කරන පහත සේවාවන් සම්බන්ධයෙන්, එවැනි පුද්ගලයෙකු වෙත කෙරෙන ගෙවීම් මත රඳවා ගැනීමේ බද්ද අය නොකරන ලෙස රඳවා ගැනීමේ බදු අනුයෝජිතයන් වෙත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.
- ඉගැන්වීම, දේශන පැවැත්වීම, විභාගයක් පරීක්ෂා කිරීම, නිරීක්ෂණය කිරීම හෝ අධීක්ෂණය කිරීම වෙනුවෙන්,
- වාසික රක්ෂණ, අලෙවි හෝ තැරැව් අනුයෝජිතයකු සඳහා කොමිස් මුදලක් හෝ බ්‍රෝකර් ගාස්තුවක් ලෙස,
- සහතික කිරීමේ ගාස්තුවක් ලෙස,
- ටෙන්ඩර් හෝ මිල නියම කිරීම මගින් කොන්ත්‍රාත්තු පදනමින් යම් භාණ්ඩයක් සැපයීමට අදාළව,
- වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, නීතිඥ, මෘදුකාංග සංවර්ධනය කරන්නන්, පර්යේෂකයින්, විද්‍යාර්ථීන් වැනි වෘත්තීන් හී, නිදහස් සේවා සපයන්නන් ලෙස සපයන ලද යම් සේවාවක් හෝ වෙනත් යම් ඒ හා සමාන සේවාවන්,
- ගිවිසුමක් යටතේ හෝ එසේ ගිවිසුමක් නොමැතිව සලසන්නාවූ සේවාවන් වන ඉදිරිකිරීම් කටයුතු සම්බන්ධ යම් සේවාවන්, ආරක්ෂන සේවා, සනීපාරක්ෂක සේවා, යම් ආකාරයක උපදේශන සේවා, උත්සව අවස්ථා සංවිධානය, කෑම බීම සංග්‍රහ කටයුතු, මෝස්තර නිර්මාණය, ඇඳුම් සැකසීම, සංචාරක මාර්ගෝපදේශ, විනෝදාස්වාදය, නියෝජිත කාර්යයන් හෝ ඒ හා සමාන කටයුතු,
- යම් කළමනාකරණ සේවාවක්,
- නිදහස් සේවා සපයන්නකු ලෙස සලසන්නා වූ යම් ආකාරයක වෘත්තීය සේවා.