රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් මහතා නිල සංචාරයක් සඳහා අද (14දා) උදෑසන දිවයිනට ළඟාවිය.
විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ රුසියානු විදේශ අමාත්‍යවරයා සිය සංචාරය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවය.
මෙහිදී ආර්ථික, ආරක්ෂක, අධ්‍යාපන, සංචාරක, විද්‍යා හා තාක්ෂණ යන අංශ සම්බන්ධයෙන් දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙනු ඇති අතර, කලාපීය වශයෙන් ඇති අභියෝග සම්බන්ධයෙන්ද දෙරටේ ඉහළ පෙළේ අවධානයන් යොමු කෙරෙනු ඇති බව කියැවෙයි.