එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණවීම හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා පසුගිය 29දා මධ්‍යම රාත්‍රියේ සිට ආනයන සීමා පනවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් නිකුත් කිරීම වසරක (01ක) කාලයක් සඳහා අතිහිටුවා තිබේ.
රජයේ අමාත්‍යවරුන්, දෙපාර්තමේන්තුවලට, සංස්ථාපිත මණ්ඩලවලට මෙන්ම රාජ්‍ය ව්‍යවසායක වෙනුවෙන් වාහන ආනයනය කිරීම නැවත දන්වන තුරු අත්හිටුවා ඇත.
එමෙන්ම, සහනදායී පදනමක් මත වාහන ආනයනය කිරීමට රාජ්‍ය සේවයකයන් සඳහා නිකුත් කරනලද බලපත් මාස 6ක කාලයක් සඳහා අත්හිටුවා ඇති අතර, මෙම කාලය තුළදී සහනදායී පදනම මත නිකුත් කරන බලපත් වෙනුවෙන් ණයවර ලිපි විවෘත කරනු නොලැබේ.
දෙමුහුන් (හයිබ්‍රිඩ්) වාහන සඳහා වාහනයේ වටිනාකම අනුව ණය අනුපාතය 70 : 30 සිට 50 : 50 දක්වා සංශෝධනය කර ඇත.
මීට අමතරව, බස්රථ, ලොරි සහ ගිලන් රථ වෙනුවෙන් ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේදී 200%ක මූල්‍ය සීමාවක් පනවා තිබේ.
ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර සුවඳ විලවුන්, ජංගම සහ ස්ථාවර දුරකතන, රෙදි සෝදන යන්ත්‍ර, පාවහන් සහ වාහන ටයර් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී 100%ක මූල්‍ය සීමාවක් පනවා ඇත.
මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මෙම නියමයන් පසුගිය 29දා සිට ක්‍රියාත්මක වුවත්, විනිමය අනුපාත සම්බන්ධයෙන් රජය දැඩි විමසිල්ලෙන් සිටින අතර, ඉතා ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා බවයි.