රෝද හතර සැහැල්ලු වාහන පන්තිය සඳහා ප්‍රථම වරට රජයේ මැදිහත්වීම සහිත වීල් එලයින්මන්ට් මධ්‍යස්ථානයක් විවෘත කිරීම STC මූලිකත්වයෙන් සිදුවිය.
STC වීල් එලයින්මන්ට් මධ්‍යස්ථානය යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් විසින් ලබාදුන් ත්‍යාගයක් ලෙස සැලකෙන අතර, මේ නිසා රජයේ වාහන පමණක් නොව, පෞද්ගලික වාහනවලට පවා තරගකාරී මිල ගණන් යටතේ සේවා සැපයීමට අවස්ථාව උදාවී ඇති බව කියයි.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම සිදුව තිබේ.
එමෙන්ම, STC විසින් දැනටමත් ටයර් වෙළඳ නාම දහයක් අලෙවි කරන අතර එවැනි එක් වෙළඳ නාමයක් වන්නේ ජපානයේ නිෂ්පාදිත යෝකොහාමා ය. ශ්‍රී ලංකාවේ එකම බෙදාහරින්නා වන යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් වෙනුවෙන් අපි යොකොහාමා ටයර් අලෙවි කරන බවත්, යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් විසින් මෙම වීල් එලයින්මන්ට් මධ්‍යස්ථානය තෑගි කළ බවත් STC සභාපති පවසයි.