කොළඹ හෝටල් කිහිපයක් සහ දේවස්ථාන කිහිපයක් ඉලක්ක කරමින් ඊයේ (21දා) එල්ල කෙරුණු ප්‍රහාරයෙන් බලවත් කම්පනයටත්, දැඩි සංවේගයටත් පත්වූ බව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් වාණිජ මණ්ඩල කිහිපයක් පවසයි.
මෙම ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව පවසන ඔවුන්, ඔවුන්ගේ සිතිවිලි සහ ඔවුන්ගේ ආශිංසනය නිරන්තරයෙන්ම ප්‍රහාරයට ගොදුරු වූ ජනතාවත්, ඔවුන්ගේ පවුල්වල ඥාතීන් වෙතත් පිරිනමන බව දක්වා තිබේ.
එමෙන්ම, රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කරන ලෙස බලධාරීන්ට බල කරන සිටින බවත්, මෙම ප්‍රහාරය සිදුකළ පිරිස් නීතිය ඉදිරියට ගෙනඒම සඳහා පරීක්ෂණ කඩිනම් සිදුකරන ලෙසත් ඔවුන් කියා සිටියි. එමෙන්ම, මේ අවස්ථාවේදී රටක් ලෙස එක්ව නැගී සිටීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන ඔවුන්, ව්‍යාජ පුවත් වාර්තා පසුපස නොයන ලෙසත් ඉල්ලීමක් කරයි. ඒ අනුව, වගකීමෙන් කටයුතු කරන ජනතාවක් ලෙස, බලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට සහාය දක්වන ලෙස ඔවුන් සියලු ලක්වාසීන්ගෙන් ඉල්ලා සිටියි.