තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක්‍රමය මගින් මේ වනවිට දිරිය තරුණ තරුණියන් 47 දෙනෙකුට රු.මිලියන 21කට අධික ණය මුදලක් ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
යොවුන් ව්‍යවසායකයන් නගාසිටුවීමේ අරමුණ පෙරදැරිව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත මෙය ක්‍රියාත්මක වෙයි.
මෙම ණය ලබාගත් තරුණ තරුණියන් අතර ඇඟලුම්, රූපලාවන්‍ය, ඉදිකිරීම්, තාක්ෂණික හා කාර්මික ක්ෂේත්‍ර මෙන්ම, ඡායාරූපකරණය ආදී විවිධ ක්ෂේත්‍ර හා සම්බන්ධව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සුදුසුකම් ලබා තිබුණි.
කුඩා ව්යාවාර සංවර්ධන අංශය මගින් මේ වනවිට ණය අයදුම්කරුවන් සඳහා ව්‍යාපාර සැලසුම් 330ක් පමණ සකස් කර ඇති අතර, පළාත් අතුරින් සබරගමුව, දකුණු සහ උතුරු පළාත් නියෝජනය කරමින් වැඩි ණය ඉල්ලුම්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණි.
තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක්‍රමය යටතේ උපාධියක් හෝ පිළිගත් වෘත්තීය සහතිකයක් සහිත කුඩා පරිමාණ ව්‍යවසායකයන් සඳහා ඇප නොමැතිව/ලිහිල් ඇප ක්‍රමයක් යටතේ මෙම ණය ප්රදානය සිදුකරන බව සඳහන් කරයි.