ඉන්දීය රජය විසින් පිරිනමන රු.මිලියන 250ක ප්‍රදානයක් යටතේ තොරතුරු තාක්ෂණය සඳහා වූ ව්‍යාපාර මධ්‍යස්ථානයක් යාපනයේ පිහිටුවීමට අද (21දා) ඉන්දියාව හා ශ්‍රී ලංකාව විසින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු හා සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් එස්. ටී. කොඩිකාර යන මහත්වරුන් විසින් අරලියගහ මන්දිරයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනී ඉන්දිරා මල්වත්ත යන මහත්ම මහත්මීන්, ආරාධිත අමුත්තන් සහ ශ්‍රී ලංකා රජයේ නිලධාරින් රැසක් සහභාගී වී තිබේ.