ලක්ෂ හතරකට අධික ජනතාවකගේ සහභාගීත්වයෙන් දින හතරක් පුරා යාපනය මුට්ට්‍රවේලි පිටියේදී පැවැති තුන් වැනි එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අද (10දා) පස්වරුවේ සාර්ථකව නිමාවට පත් විය.
මෙහිදී, ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක මෙම ප්‍රදර්ශනයේ ගෙවී ගිය දින හතර තුළ පමණක් නව ව්‍යවසායකයන් ලෙස මූලික ලියාපදිංචිය සිදු කර ඇති පිරිස 2,500කට අධික වීම විශේෂත්වයක් බව මුදල් අමාත්‍යාංශය කියයි.
යුද්ධය හේතුවෙන් වැන්දඹුවන් බවට පත් වූ කාන්තාවන්ට සහ පුනරුත්ථාපනය වූ හිටපු සටන්කරුවන්ට පහසුවෙන් එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය ලබා ගැනීමට හැකි වන පරිදි, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ යෝජනාවකට අනුව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වූ බවද මුදල් අමාත්‍යාංශය කියයි.
මේ යටතේ එක් පියවරක් ලෙස එම ජනතාවට ස්වයං රැකියා ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහාද විශාල පිරිසක් එහි ව්‍යවසායකත්ව කලාපයට පිවිස සිටි බවද පෙන්වා දෙයි. මෙහි සමාප්ති උත්සවය මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.