මේ මොහොතේ පොලී අනුපාත 2%කින් අඩු අඩුකිරීම මැරුණු පුද්ගලයෙකුට ඔක්සිජන් ටැංකියක් ගෙනැවිත් නැහැයේ ඔබනවා වැනි වැඩක් බවත්, එයින් කිසිදු ප්‍රයෝජනයක් අත් නොවන බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
දැනටමත් රට තුළ විශාල, මධ්‍යම සහ කුඩා ව්‍යාපාර රැසක් කඩා වැටී ඇති පරිසරයක පොලී අනුපාත අඩුකිරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියාකිරීම සම්බන්ධව අදහස් දක්වමින් හිටපු අධිපතිවරයා මෙසේ අදහස් දක්වයි.
"ඇත්ත වශයෙන්ම, මේ රටේ පොලී අනුපාත වැඩි වුණේ අගමැතිවරයා බැඳුම්කර වංචාවේදී සමස්ත පොලී අනුපාතය කෘත්‍රිම ලෙස 3%කින් පමණ වැඩි කළ නිසයි. ඒ වූ හානිය අවුරුදු 4ක් තිස්සේ සියලුම ව්‍යාපාරවලට බලපා ඉවරයි. අවුරුදු 4කට පස්සේ පොලී අනුපාතය 2%කින් අඩු කරල කිසිම ප්‍රයෝජනයක් නොවන්නේ, මේ අඩුවීම මීට අවුරුදු 4කට කලින් කළ යුතුව තිබූ නිසයි. මේ අශ්වයා පැන ගියපසු ඉස්තාලය වසා දැමීමක් වගේ වැඩක්. අගමැතිතුමා, දන්නා කටයුතුවලට මැදිහත් වෙනවා මිසක්, නොදන්නා කටයුතුවලට මැදිහත් වී මුළු රටේම ආර්ථිකය විනාශ කරන්න එපා."