මහ බැංකු පොලී අනුපාත සැලකිය යුතු ප්‍රතිශතයකින් පහළ දැමීමට ඊයේ (22දා) රැස්වූ මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතකිය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 7.00% සහ 8.00% ලෙස පදනම් අංක 50කින් පහළ දැමීමට කටයුතු කර ඇත.
දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළෙඳ පොළෙහි මෙන්ම, ගෝලීය ආර්ථිකයේ ප්රවණතා සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩය මෙම තීරණය ගෙන ඇති බවද මහ බැංකුව කියයි.
මෙම තීරණය දැනුම් දෙමින් අද (23දා) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසා සිටියේ, මේ සමග වාණිජ බැංකුවල සියලුම ණය පොලී අනුපාතවල පහළ යෑමක් අපේක්ෂා කරන බවය.
“අප ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස දැනට පවතින වෙළෙඳ පොළ ණය පොලී අනුපාතිකවල ප්රවණතා අඛණ්ඩව අධීක්ෂණය කිරීමට කටයුතු කරනවා. ඒ අනුව, අදාළ කාල රාමුව තුළදී අපේක්ෂිත පරිදි ණය පොලී අනුපාතිකවල පහළ යෑමක් සිදු නොවුණහොත්, මූල්‍ය ආයතනවල වෙළෙඳ පොළ ණය පොලී අනුපාතික සඳහා සුදුසු සීමා පැනවීමට මුදල් මණ්ඩලය නිර්දේශ කරන බව සඳහන් කළ යුතුයි. මොකද, මේ සඳහා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡාවලින් අනතුරුව එවැනි කාල රාමු සහ ක්‍රියාමාර්ග පිළිබඳව ඉතා ඉක්මණින්ම දැනුම් දීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගන්නවා."