ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 7.00 සිට 8.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව තබා ගනිමින් සිය ලිහිල් මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරව පවත්වා ගැනීමට තීරණය කර තිබේ.
මුදල් මණ්ඩලය 2019 දෙසැම්බර් 26දා පැවති රැස්වීමේදී මෙම තීරණයට එලැඹුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
දැනට පවතින අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළෙඳ පොළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්රවණතා මනාව සැලකිල්ලට ගෙන මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවද කියයි.
මුදල් මණ්ඩලයේ මෙම තීරණය, උද්ධමනය සියයට 4 - 6 අතර පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමග අනුකූල වන බවත්, මැදිකාලීනව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟවීම සඳහා සහාය වනු ඇති බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසයි.