ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 මාර්තු 04 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) මෙවර නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ.
ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 යන ප්රතිශතයන්හිම තවදුරටත් රැඳෙනු ඇත.
දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළඳපොළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්රවණතාවන් මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.