මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස කටයුතු කරනු ලබන මූල්‍ය කාර්ය සාධක බලකාය (FATF) විසින්, ශ්‍රී ලංකාව එහි ක්‍රියාකාරී සැලැස්ම සම්පූර්ණ කර ඇති බවට මූලික නිර්ණය ප්‍රකාශයට පත්කර ඇත.
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කිරීම අරඹා ඇති බවට සහ එම කටයුතු තිරසාර මට්ටමින් පවත්වාගෙන යනු ලබන බවටද, එමෙන්ම, අනාගතයේදී ඒ සඳහා අවශ්‍ය දේශපාලන කැපවීම පවතින බවටද තහවුරු කරගැනීම සඳහා වූ එතැන් පරීක්ෂාවක් නිර්දේශ කිරීමද සිදුකර තිබේ.
2019 පෙබරවාරි 20 - 22 දක්වා කාලපරිච්ඡේදය තුළදී පැරීසියේදී පවත්වනු ලැබූ මූල්‍ය කාර්ය සාධක බලකා සැසිවාරයේදී මෙම තීරණය ගෙන තිබේ.