මියන්මාර තානාපති හමුව හෙවත්, ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර ද්වීපාර්ශ්වික වෙළෙඳ කටයුතු සම්බන්ධ හමුව එලැඹෙන අප්‍රේල් 10දා ප.ව.3.00 සිට 4.30 දක්වා ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
දෙරට අතර පවතින වර්තමාන ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීමත්, ආනයනයට, අපනයනයට හා ආයෝජනයට ඇති අවස්ථා හඳනා ගැනීම හා මියන්මාර රාජ්‍යයෙන් ලබාගත හැකි සේවා ලබාගැනීම සම්බන්ධව දැනුවත් කිරීමත් මෙම සැසියේ අරමුණ වී ඇත.
මෙහිදී, තානාපතිවරයා හා ඔහුගේ වාණිජ උපදේශකවරයාද සමග ලේකම්වරයාද පැමිණීමට නියමිත බව ජාතික වාණිජ මණ්ඩලය පවසයි. මේ පිළිබඳ වැඩිවිස්තර 011 4741788 දුරකථනයෙන් ලබාගත හැකිය.