ගුවන් මගින් කෙරෙන ආවේක්ෂණ සහ ජලය මතුපිට සිදුකෙරෙන මුර සංචාර වඩාත් පුළුල් කරමින් ඔස්ට්‍රේලියාව ස්වකීය සමුද්‍රීය දේශසීමාවන් හි ආරක්ෂාව වඩාත් සවිබල ගන්වා ඇති බව ඔස්ට්‍රේලියානු රජයේ අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
මෙම අතිරේක ශක්‍යතාව සමග ඔස්ට්‍රේලියානු දේශසීමා කරා ඇති සියලුම සමුද්‍රීය ප්රවේශයන් තවදුරටත් සුරක්ෂිත කෙරෙන බවත්, මේ දක්වා මිනිස් ජාවාරම් යාත්‍රා 33ක් මුහුද මැදදී අතරමග නවතා වටලනු ලැබූ අතර, පුද්ගලයන් 827ක් යළි සිය රටට හෝ ඔවුන් පිටත්ව පැමිණි රට වෙත හරවා යවා ඇති බවත් ඔවුන් කියයි. ස්වකීය ජීවිත අවදානම ගෙන නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට පැමිණීම වළක්වනු හෝ අධර්යමත් කරනු ලැබූ ගණන අප්‍රමාණ බවද පෙන්වා දෙයි.
එහිදී, මිනිස් ජාවාරම් මගින් නිරන්තරයෙන් ඇති කරන තර්ජනයට මුහුණදීම සඳහා අන්තර්ජාතික සහයෝගීතාවයේ සහ දැනට ක්‍රියාත්මක සුපරීක්ෂණයේ අවශ්‍යතාව මෑතකදී වියට්නාමයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණි මිනිස් ජාවාරම් බෝට්ටුව මගින් යළිත් සිහිපත් කර දෙන බවත්, මෙම යාත්‍රාවෙන් පැමිණි පුද්ගලයන් 17 දෙනාම ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් කඩිනමින් රඳවාගෙන නැවත වියට්නාමයට පිටත්කර යවන ලද බවත් පවසා සිටියි.
මීට අමතරව, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියේ මූලිකත්වයෙන් සිදුකෙරෙන ඔස්ට්‍රේලියාවෙන් බැහැරව මිනිස් ජාවාරම් මැඬලීමේ ප්රයත්නයද මේ ආකාරයෙන්ම ශක්තිමත් කරනු ලැබ තිබේ.
මුහුදු ගමනකට ඔරොත්තු නොදෙන යාත්‍රා මගින් ඔස්ට්‍රේලියාවට පැමිණීමට වෑයම් කිරීමේදී පුද්ගලයන් 1,200කට වඩා මරණයට පත්වූ අතීථයේ පැවති තත්ත්වයනට නැවත ළඟාවීමට ඔස්ට්‍රේලියානු රජය කවරාකාරයෙන් හෝ ඉඩක් ලබා නොදෙන බවත්, ඔස්ට්‍රේලියාවේ දේශසීමා ප්‍රතිපත්තිය නිරවුල් මෙන්ම, වචනයෙන් පවසන දේ තීරණාත්මක ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට ඔස්ට්‍රේලියාව සූදානම් බවත් ඔවුන් අවධාරණය කරයි.