2020 සහ ඉදිරිය සඳහා මුදල් හා මූල්‍ය අංශ ප්‍රතිපත්ති මැයෙන් පෙර දැක්මේ දී ප්‍රකාශ කළ පරිදි 2020 ඔක්තෝබර් 08 වැනි දින නිකුත් කිරීමට නියමිතවූ මුදල් ප්‍රතිපත්ති විවරණය 2020 ඔක්තෝබර් 16 වැනි සිකුරාදා පෙරවරු 7.30ට නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
මිල ස්ථායීතාව ළඟාකර ගැනීම යන සාර්ව ආර්ථික අරමුණ ළඟාකර ගැනීමට මහ බැංකුවක් විසින් ආර්ථිකයක් තුළ මුදලේ පිරිවැය සහ මුදල් සැපයුම කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය මුදල් ප්‍රතිපත්තිය ලෙස සැලකෙයි.
ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම දරන ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව වන අතර, ප්‍රධාන වශයෙන් ආර්ථිකයේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තීරණය කිරීම සහ ද්‍රවශීලතාව කළමනාකරණය කිරීම මහ බැංකුව විසින් සිදුකරයි.