මුදල් අමාත්‍යාංශය ප්රමුඛ මහාභාණ්ඩාගාරයේ කාර්යය මණ්ඩලය විසින් ස්වකීය 2020 මැයි මස වැටුපෙන් කොටසක් වැන්දඹු අනත්දරු ගිණුමට පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ.
කොවිඩ් - 19 වෛරස් ව්‍යාප්තිය හමුවේ රජයේ දෙස් විදෙස් ආදායම් මාර්ග අවහිර වී ඇති වාතාවරණය මත මාස කිහිපයක් සඳහා බලපා ඇති ආර්ථික පීඩනය කළමනාකරණය කරගැනීම සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් සමස්ත රාජ්‍ය සේවකයන් වෙතින් කරන ලද පෞද්ගලික ඉල්ලීමට ගරු කරමින් මෙම මුදල් පරිත්‍යාගය සිදුකර ඇත.
ඒ අනුව, මහාභාණ්ඩාගාර ලේකම්වරයාගේ 2020 මැයි මස වැටුපෙන් 50%ක්ද, තවත් බහුතර නිලධාරීන් පිරිසක් තම මැයි මස වැටුපෙන් 25%ක් හා 10%ක් බැගින්ද, අනෙකුත් කාර්යය මණ්ඩල සාමාජිකයින් ස්වකීය මැයි මස දිනක වැටුපද වැන්දඹු අනත්දරු ගිණුමට පරිත්‍යාග කර ඇත.