ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 'මෑතකාලීන ආර්ථික ප්රවණතා - 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා' ප්රකාශනය එළිදක්වා තිබේ.
ආර්ථික ප්රවණතා යාවත්කාලීන කිරීමට අමතරව, 2020 ඔක්තෝබර් මස මැද දක්වා ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින්, 2020 අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත්කරන ලද මැදි කාලීන සාර්ව ආර්ථික රාමුවෙහි යාවත්කාලීන කිරීමක්ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 'මෑතකාලීන ආර්ථික ප්රවණතා' තුළින් මෙවර ඉදිරිපත් කර ඇත.
මෙම වසරේ වාර්තාව ප්‍රකාශයට පත්වන්නේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විවිධාකාර සමාජ ආර්ථික අභියෝග සහ අවිනිශ්චිතතාවලට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින තීරණාත්මක සංධිස්ථානයකදී වීම විශේෂත්වයකි.