ඇමරිකානු ඩොලර් බිලියන 20.7 ක වත්කමක් ඇති මහින්ද්‍රා සමුහයේ අනුබද්ධ ආයතනයක් වන මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම ශ්‍රී ලංකාවේ කොළඹට නුදුරු වැලිපැන්න හිදී තම දේශීය මෝටර් රථ එකලස් කිරීමේ හා නිෂ්පාදන කම්හල විවෘත කිරීම පසුගියදා සිදුවිය.
මහින්ද්‍රා අයිඩියල් වශයෙන් නම් කරන ලද මෙම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අයිඩියල් මෝටර්ස් සමග සහයෝගීතාවයෙන් කටයුතු කරනු ලබයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සින්ධු සහ මහින්ද්‍රා සහ මහින්දා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය පවන් ගොඑන්කා යන මහත්වරුන් අතින් එය සිදුවිය.
ඒ අනුව, මෙම නවතම කර්මාන්ත ශාලාව ඊයේ (17දා) සිය ප්‍රථම නිෂ්පාදනය වන KUV1OO රථයේ එකලස් කිරීමේ කටයුතු නිල වශයෙන් ඇරඹුනු අතර, ඉදිරි වසර තුන තුළ තවත් නිෂ්පාදන රැසක් එළිදකින බව එහිදී සඳහන් විය.
මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ සහ අයිඩියල් සමූහයේ මෙම හවුල්කාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෝටර් රථ කර්මාන්තයේ නව තාක්ෂණය ශ්‍රී ලංකාවට ලැබෙන අතර, එහි උපරිම ප්රතිලාභ නෙලා ගැනීමට ශ්‍රී ලාංකේය දක්ෂ තරුණ ප්‍රජාවට හැකිවන බව ඔවුන් කියයි. එසේම රැකියා උත්පාදනයට අතිරේකව 35%ක දේශීය අගය එකතු කිරීමක් හෙවත් නිෂ්පාදන ක්‍රියාවලියක් මෙහිදී සිදුවන අත,ර ඉන් අක්කර 65ක් පුරා ව්‍යාප්තව ඇති මෝටර් රථ කර්මාන්ත උද්‍යානය තුළ දේශීය ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර ප්‍රවර්ධනයට අවස්ථාව උදාකර දී තිබේ. එසේම මෙම සැපයුම් දාමය ශ්‍රී ලාංකේය මෝටර් රථ අංශයේ නව පරමාදර්ශයක් සපයන බවද ඔවුහු විශ්වාස කරති.
ඡායා - ක්‍රිෂාන් රණසිංහ