මගී ප්‍රවාහන සේවයේ නියුතු ව්‍යාපාර හා පුද්ගලයන්ට COVID-19 ව්‍යාප්තිය නිසා සිදුවූ දුෂ්කරතා සහ සීමා පැනවීම් සැලකිල්ලට ගනිමින්, ඔවුන් විසින් ලබාගෙන ඇති කල්බදු (ලීසිං) පහසුකම් සඳහා 2021 අප්‍රේල් මස 01 වැනි දින සිට ක්‍රියත්මක වන පරිදි, මාස 6ක් හෝ ඊට අඩු කාල සීමාවක් සඳහා ණය සහන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් වෙත මෙම ණය සහන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ලෙස මහ බැංකුව දැනුම් දී තිබේ.
මෙම ණය සහන යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලබන ව්‍යාපාර හා පුද්ගලයන් අතරට පොදු මගී ප්‍රවාහන පහසුකම් සපයන්නන්, පාසල් ළමයින් ප්‍රවාහන සේවා, කාර්යාල මගී ප්‍රවාහන සේවා, ත්‍රිරෝද රථ ඇතුළු කුලී රථ සේවා ආදී පුද්ගලික මගී ප්‍රවාහන සේවා සපයන්නන් සහ සංචාරක ක්ෂේත්රය සඳහා මගී ප්‍රවාහන පහසුකම් සපයන්නන් ඇතුළත් වෙයි. මෙම ණය සහන ලබාගැනීමට අපේක්ෂා කරන, සුදුසුකම් ලත් ණය ගනුදෙනුකරුවන් විසින්, ඒ සඳහා ඉල්ලීමක් ලිඛිතව හෝ විද්‍යුත් ආකාරයෙන් අදාළ මූල්‍ය ආයතනය වෙත 2021 අප්‍රේල් 19 වැනි දින හෝ ඊට පෙර යොමුකළ යුතු බව මහ බැංකුව පවසයි. කෙසේ වෙතත් සාධාරණ හේතු මත, මෙම දිනයට පසුව වුවද යොමු කරනු ලබන ඉල්ලීම් සලකා බලන මෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන වෙත දන්වා තිබේ.
ඒ අනුව මූල්‍ය ආයතන විසින්, සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන්ගේ, මීට පෙර ණය සහන කාලයන්ට යටත් වූ කල්බදු පහසුකම්ද ඇතුළත්ව 2021 මාර්තු 31 වැනි දින වනවිට සක්‍රීය කාණ්ඩයේ පැවති කල්බදු පහසුකම් සඳහා ණය සහන කාලයක් ලබාදෙනු ඇති අතර, ඒ සඳහා අමතර පොලියක් 2021 අප්‍රේල් මස 01 වැනි දිනට ආසන්නතම දින-364 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි අනුපාතිකයකට ආන්තිකයක් එකතු කළ පොලී අනුපාතයක් යටතේ අය කරනු ඇති බව මහ බැංකුව කියයි. කෙසේ වෙතත් එම අමතර පොලිය කල් දමන ලද වාරිකවල වටිනාකම මත පමණක් අයකළ යුතු බවත්, බලපත්‍රලාභී බැංකු සඳහා මෙම ආන්තිකය වාර්ෂිකව 1෴ක් වන අතර, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් සඳහා අයකළ හැකි උපරිම අමතර පොලී අනුපාතිකය වාර්ෂිකව 11.5෴ක් නොඉක්මවන ලෙසින් 5.5෴ක ආන්තිකයක් නියම කර ඇති බවත් මහ බැංකුව පවසයි. මෙම යෝජනා ක්‍රමයට ඇතුළත් කල්බදු පහසුකම් සඳහා කිසිදු දඩ පොලියක් අය නොකරන ලෙසට මූල්‍ය ආයතන දැනුවත් කර තිබේ.
මේ අතර පාසල් යළි ආරම්භ කිරීම, කාර්යාල, ව්‍යාපාරික ස්ථාන සහ ගුවන් තොටුපොළ යළි විවෘත කිරීම ආදිය සමග ජනජීවිතය ක්‍රම ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වීම, දීර්ඝ කරනලද ණය සහන යෝජනා ක්‍රමය නිසා මූල්‍ය ආයතනවලට වන බලපෑම සහ පවත්නා එන්නත්කරණ වැඩපිළිවෙළ ආදී කරුණු සැලකිල්ලට ගනිමින්, 2019 සහ 2020 වසරවලදී ලබාදුන් මෙම ණය සහන කාලසීමාව තුළදී පියවීමට ඇති නම්, ඒවා පියවා ගැනීමට මූල්‍ය ආයතන වෙත අවසර ලබාදී ඇති බවද මහ බැංකුව පවසයි. COVID-19 වසංගත කාලය තුළ ලබාදුන් ණය සහන කාලය නිසා වාරික ගෙවීමේදී ණය ගනුදෙනුකරුවා අනවශ්‍ය ලෙස පීඩනයකට ලක්වීමෙන් වැළකෙන පරිදි මෙම කල්බදු වාරික සහ ණය සහන කාලයට අදාළ වාරික අය කිරීම ව්‍යුහගත කර ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.
සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන්ට සිය ආදායම් උත්පාදන කටයුතු පවත්වා ගෙනයමින් කල්බදු පහසුකම්වල ආපසු ගෙවීමේ කටයුතු ක්‍රම ක්‍රමයෙන් ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන අයුරින් මෙම දීර්ඝ කිරීම කරනලද ණය සහන කාලය ක්‍රියාත්ම කරන ලෙසට මූල්‍ය ආයතන වෙත දැනුම් දී ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.