කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන බ්‍රවුන් අන්ඩ් කම්පැනි පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන බ්‍රවුන්ස් හෙල්ත්කෙයාර් (පුද්.) සමාගමේ පූර්ණ කොටස් අයිතිය මෙල්ස්ටා හෙල්ත්කෙයාර් කොලොම්බු (පුද්.) සමාගම විසින් අත්පත් කරගෙන තිබේ.
බදාදා (19දා) සිදුවූ මෙම ගනුදෙනුවේදී මෙල්ස්ටා හෙල්ත්කෙයාර් කොලොම්බු (පුද්.) සමාගම ඒ වෙනුවෙන් රු.බිලියන 1.6ක මුදලක් ආයෝජනය කර තිබුණි.
බ්‍රවුන්ස් හෙල්ත්කෙයාර් (පුද්.) සමාගම “බ්‍රවුන්ස් හොස්පිටල්ස්“ සන්නාමය යටතේ සිය සෞඛ්‍යාරක්ෂණ ව්‍යාපාරය සිදුකරනු ලබන අතර රාගම බ්‍රවුන්ස් රෝහලේ පූර්ණ හිමිකාරීත්වයද එය සතු වේ.
මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ඉෂාර නානායක්කාර මහතා බ්‍රව්න් ඇන්ඩ් කම්පැනි පීඑල්සී හි විධායක සභාපතිවරයා වන අතර, එම සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය දරනු ලබන්නේ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී විසිනි.
මෙල්ස්ටා හෙල්ත්කෙයාර් කොලොම්බු (පුද්.) සමාගම යනු කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත තවත් විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන මෙල්ස්ටාකෝප් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත සමාගමකි. දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් මෙහෙයවන මෙල්ස්ටාකෝප් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වයද ඔහු යටතේ පවතී.