බැඳුම්කර සිද්ධියට අදාළව ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ මෙහෙයුම් අංශ හා බැඳුණු ක්‍රියාවලීන් හි විනිවිදභාවය සහ වගවීම වඩාත් තීව්ර කිරීමේ අභිලාෂයෙන් ආරම්භ කරන ලද්දා වූ සහ ක්‍රියාවට නැංවූ පියවර පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාව දැනුවත් කර තිබේ.
එහිදී, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක වන නීතිමය රාමුව වඩාත් ශක්තිමත් කිරීම සඳහා, පියවර රැසක් මේ වනවිට ක්‍රියාවට නංවා ඇති බවත්, මුදල් නීති පනතට සහ ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම් ආඥා පනතට සංශෝධන මේ වනවිට සකස් කරමින් පවතින බවත් පවසයි.
භාණ්ඩාගාර බැඳුම්කර සම්භන්ධව නව වෙන්දේසි ක්‍රමයක් හඳුන්වාදීම මගින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධ ක්‍රියාවලිය ශක්තිමත් කර ඇති බව පවසන මහ බැංකුව, භාණ්ඩාගාර බිල්පත් සඳහාද ඊට සමාන ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කටයුතු කරමින් පවතින බවද කියයි.
ලංසු තැබීමට පෙර පවත්වනු ලබන රැස්වීම නිරන්තරයෙන් පවත්වනු ලබන අතර, වෙන්දේසි දින දර්ශනය කල්තබා ප්‍රසිද්ධ කිරීමත්, සම්පූර්ණ මුදල ඉක්මවා ලංසු භාර නොගැනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමත් සිදුකර ඇති බව පවසයි.
නිකුතුව හා සම්බන්ධ ක්‍රියාවලියට අදාළ අභ්‍යන්තර පාලන ක්‍රමවේද වඩාත් ශක්තිමත් කර ඇති අතර, මෙහෙයුම් අත්පොත යාවත්කාලීන කර ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.