බාධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයන් දිරි ගැන්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
කර්මාන්ත ඇරඹීමට සහ පවත්වාගෙන යාමට බලපාන ගැටලු හඳුනාගත යුතු බවත්, එමෙන්ම විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව සිටීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යංශ කාර්ය සාධක බලකාය සමග අද (17දා) පස්වරුවේ පැවති හමුවේදීය.
මෝටර් රථ එකලස් කිරීම, ලෝහ, පාවහන් හා සම්භාණ්ඩ, ඇගලුම්, ඖෂධ, කුළු බඩු, විදුලි උපකරණ, දැව සහ රූපලාවන්‍ය නිෂ්පාදකයන් සහ කර්මාන්තකරුවන් සාකච්ඡාවට එක්ව සිටියහ.
නිෂ්පාදනකරුවන් සහ ආයෝජකයන් බදු ගෙවීමේදී හා රේගුවේදී මුහුණපාන ගැටලු සහ පරිසර ප්‍රශ්න ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ අතර, විධිමත් ආකාරයෙන් කර්මාන්ත ඇරඹීමේදී විවිධ පාර්ශ්ව වෙතින් මතු කෙරෙන සෙසු ගැටලු රටේ අභිවෘද්ධියට විශාල බාධාවක් බව ජනාධිපතිවරයා කීවේය. එමෙන්ම අවිධිමත් සහ අනවසර ක්‍රියාකාරකම් හමුවේ පරිසර සංවිධාන මෙන්ම සමාජ මාධ්‍යයන්ද නිහඬව සිටීම කණගාටුවට කරුණකික් බවත්,රටේ උන්නතිය වෙනුවෙන් නිසි අවබෝධයකින් ආයෝජන අවස්ථාවන්ට සහායවීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන් ප්රමුඛ අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහු සාකච්ඡාවට එක්ව සිටියහ.