ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන 'බතික් ලංකා' ජාතික ප්‍රදර්ශනය ඊයේ (29දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ නුග සෙවණ පරිශ්‍රයේදී ආරම්භ විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත වූ ප්‍රදර්ශනය අද (30දා) අවසන් වූ අතර, 70 දශකයේ ඉතාමත් ඉහළ ආදායම් ලබමින් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් බතික් කර්මාන්තය නැවතත් නඟා සිටුවීම මෙහි මූලික අරමුණ විය.
එමෙන්ම, බතික් නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා ලෝක වෙළෙඳ පොළෙහි ඉහළ මිලක් ලබාදෙමින්, ශ්‍රී ලංකා ආර්ථිකයට ශක්තිමත් ව්‍යවසායකන් රැසක් බිහිකිරීමද මෙහි අරමුණ වී ඇත.
ප්‍රදර්ශන භූමියේදී බතික් ඇඳුම් ආශ්රිත මෝස්තර නිරූපණයන් මෙන්ම, සෑම පැය දෙකකට වරක් සිදුකරන දිනුම් ඇදීමකින් වටිනා බතික් නිරමාණ ත්‍යාග වශයෙන් පිරිනැමීමක්ද සිදුවූ බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය පවසයි.