පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් හානියට පත් දෙව්මැදුරු නැවත ගොඩනැගීමේ වැඩපිළිවෙළ සහ ආපදාවට පත් ජනතාවට මනුෂ්‍යත්වයේ දෑත් දිගුකිරීමට ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය (AAT) කටයුතු කර තිබේ.
ඒ අනුව, පසුගිය 27දා පැවැත්වීමට තිබූ එහි සාමාජික සාමාජිකාවන්ගේ අවුරුදු උළෙල මෙම ප්‍රහාරය නිසා අවලංගු කර ඊට වෙන්කළ මුදල් සම්පූර්ණයෙන්ම ආධාරයක් ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පිළිගන්වා තිබේ.
මෙම අවස්ථාවට එම ආයතනයේ සභාපති මැග්ඩන් ඉස්මයිල් මහතා ප්රමුඛ ප්‍රධාන විධායක නිලධාරී ටිශාංග කුමාරසිංහ, ලේකම් සුනිල් වනිගබදු සහ පාලක මණ්ඩල සාමාජික සෝමසිරි මුණවීර යන මහත්වරුන්ද සහභාගි වී තිබේ.