ජාතික තලයේ නව සලකුණකට මුලපුරමින්, නවෝත්පාදන නිෂ්පාදන, තිරසාර නිර්මාන, කලාත්මක හා නිර්මානාත්මක කර්මාන්ත කේන්ද්‍ර කොටගත් අන්තර්ජාල මට්ටමේ විලාසිතා දැක්ම, මෝස්තර නිර්මාණ ප්‍රදර්ශණ, සම්මේලන හා වැඩමුළු ඔස්සේ ලාංකීයව සැලසුම්කොට නිර්මාණය කළ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව, ඇකඩමි ඔෆ් ඩිසයින් (Academy ofDesign) ආයතනය විසින් '2021 ශ්‍රි ලංකා මෝස්තර නිර්මාණ සැණකෙළිය' නව සංකල්පිය මුහුණුවරකින් මෙවර පවත්වනු ලැබේ.
2021 ජනවාරි 15, 16, හා 17 යන දිනවලදි එය අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලබන්නේ පළමු වරටය. විවිධ ජාත්‍යන්තර සම්බන්ධතා හා සහායෝගිතාවන් හරහා වඩාත් පුළුල්වූ ගෝලීය ප්‍රේක්ෂක ප්‍රජාවක් වෙත එය විවෘත වනු ඇත.
මෝස්තර නිර්මාණ ක්ෂේත්රය තුළ අර්ථාන්විත අයුරින් ධනාත්මක බලපෑමක් ඇති කිරිම සඳහා නොපමාව ක්‍රියාත්මක වනු වස්, එකී ක්ෂේත්රය පෙළඹවිමට සමත් විලාසිතා හා මෝස්තර නිර්මාණද කලඑළි දක්වමින්, 'impACT' යන තේමාවෙන් යුතුව මෙවර මෙම තාත්විකඅන්තර්ජාල නිර්මාණ සැණකෙළිය පැවැත්වෙන්නේ නිර්මාණාත්මක නවෝත්පාදන කේන්ද්‍ර කරගත් අපනයනවල අඩුව පිරිමසන අතරවාරයේදීය.
2009 වසරේදි මුල්වරට ඇරඹි ශ්‍රී ලංකා නිර්මාණ සැණකෙළිය, ඒ හා සබැඳි ක්ෂේත්‍ර සියල්ල එකම වේදිකාවකට ගෙනෙමින් අභියෝගාත්මක වූ කාල පරිච්ඡේදයකදි දහවන වරට මෙවර පැවැත්වෙන්නේ, විලාසිතා, ගෘහ නිර්මාණ ශිල්පය, සංචාරක කර්මාන්තය හා නිර්මාණ තාක්ෂණය යනාදි සියලු අංශ එකසේ ඔප් නංවමිනි. තෙදිනක් පුරා පැවැත්වීමට නියමිත මෙම අන්තර්ජාල සැනකෙළිය ඔස්සේ මෝස්තර නිර්මාණ ශිල්පීන්, නිර්මාණාත්මක යෙදවුම් සහිත කර්මාන්ත, අත්කම්, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්, කලාකරුවන්, තරුණ ව්‍යවසායකයන්, දේශකයන්, ජනප්‍රිය තරු චරිත, හා සමාන අදහස් දරන්නාවූ උද්යෝගිමත් ශ්‍රාවකයන් යනාදි එකිනෙකට වෙනස් සුවිශේෂී පුද්ගල චරිත පනහකට හා කාණ්ඩ හතළිහකට අධික සංඛ්‍යාවක් ආවරණය කෙරේ. මහජනයාට නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමි වුවද ඒ සඳහා කල් ඇතිව අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි වීම අවශ්‍යෙව්. අන්තර්ජාලය මගින් ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි වීම සඳහා www.srilankadesignfestival.lk වෙත පිවිසිය යුතුය. මෙය ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අමාත්‍යාංශය සමග සහායෝගිතාවයෙන් යුතුව පැවැත්වෙන්නක් බැවින් දේශීයව සේම, විදේශීයවද පිහිටි රාජ්‍ය තාන්ත්‍රික ධුත කාර්යාලවලින් ලැබෙන්නා වූ සහායෝගය, සැණකෙළිය අවසන්වූ පසුවද අර්ථාන්විත වාණිජමය සම්බන්ධතා ප්‍රවර්ධනය කරගැනීමට රුකුලක් වනු ඇත.
ශ්‍රී ලාංකේය නිර්මාණ හා නවෝත්පාදන ක්ෂේත්රයේ පෙරගමන්කරුවෙකු ලෙස සැලකෙන ඇකඩමි ඔෆ් ඩිසයින් (Academy of Design) ආයතනය, ශ්‍රි ලංකා රජයත්, පෞද්ගලික හා විදේශීය ආයතනවලද සහයෝගිත්වයෙන් යුතුව සාඩම්බරයෙන් පිරිනමන 2021 අන්තර්ජාලමය ශ්‍රී ලංකා නිර්මාණ සැණකෙළිය නුදුරේදීම ප්‍රදර්ශනයට විවෘත වීමට නියමිතය. සංවෘත ලෝකයකට උචිත අයුරින් අනුවර්තනය වීමට නිර්මාණශීලීත්වයට ඇති හැකියාවත්, බිඳුණු සිත්සතන් සුවපත් කිරීම කෙරෙහි නිර්මාණාත්මක කර්තව්‍යයන්, නවෝත්පාදන හා නිර්මාණශීලීත්වය මගින් ඇති කළ හැකි දැවැන්ත බලපෑමත් සම්බන්ධයෙන් මවිත කරවන සුලු පුළුල් දැක්මක් මෙවර 2021 ශ්‍රී ලංකා නිර්මාණ සැණකෙළිය ඔස්සේ විවර කෙරෙනු ඇති බව ඔවුන් කියයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ 2021 ශ්‍රී ලංකා නිර්මාණ සැණකෙළියේ නිර්මාතෘවරිය සේම ඇකඩමි ඔෆ් ඩිසයින් ආයතනයේ සභාපතිවරියද වන ලින්ඩා ස්පේල්ඩ්වින්ඩ් පවසා සිටියේ අභියෝගාත්මක වූ වකවානුවකදි අන්තර්ජාල මට්ටමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වනු ලබන මෙවර නිර්මාණ සැණකෙළිය, විලාසිතා, නිර්මාන හා තාක්ෂණික ක්ෂේත්රය විප්ලවිය පරිවර්තනයකට ලක්කෙරෙන නවමු අත්දැකීමක් ගෙනෙනු ඇති බවය.
ගෝලීය වශයෙන් ප්රගතිශීලී මට්ටමකට ළඟාවූ ශ්‍රී ලාංකේය මෝස්තර නිර්මාණ ආශ්රිත ක්ෂේත්රයන් සේම මෝස්තර හා නිර්මාණාත්මක කර්මාන්ත ඔස්සේ ශ්‍රී ලංකාව අන්තර්ජාතිකමය වශයෙන් ඉහළම ස්ථානයකට ඔසවා තැබීමට 2021 නිර්මාණ සැණකෙළිය කදිම අවස්ථාවක් වනු ඇත. ශ්‍රී ලාංකේය මෝස්තර හා විලාසිතා නිර්මාණ ක්ෂේත්රය ඉදිරි අනාගතය වෙනුවෙන් තිළිණ කරන්නට සූදානමින් සිටින විශිෂ්ට මට්ටමේ වැඩසටහන් හා අනුකොටස්ද, නිර්මානාත්මක අත්කම් හා නිර්මාණ ශිල්පීන්ද, නුදුරේදීම පැවැත්විමට නියමිත ශ්‍රී ලංකා ඇඟළුම් ක්ෂේත්‍රෙය් විප්ලවීය නව නිර්මාණ හඳුන්වාදීමේ ප්රදර්ශණයේදී මුලින්ම මහජනතාවට හෙළිදරව් කෙරෙනු ඇත්තේ තුරුණු නව නිර්මාණකරුවන් හා ඔවුන්ගේ දාම සහකරුවන්ද සමගය.
තිරසාර නිර්මාණ, තාක්ෂණික නිර්මාණ සංවර්ධනය වැනිවූ නවෝත්පාදන මුලාරම්භ, ලාංකිය නිර්මාණ ක්ෂේත්රයෙන් ඇතිකරන්නාවූ බලපෑම, අත්කම් හා විලාසිතා, නව අපනයන අවස්ථා, තෘණ මූල මට්ටමේ කර්මාන්ත නව්‍යකරණ, හා දේශීය අත්කම් ගම්මානවල ඇති වැදගත්කම හුවා දක්වන්නාවූ 'impACT' යන තේමාවෙන් පැවැත්වෙන 2021 ශ්‍රී ලංකා නිර්මාණ සැණකෙළිය රටක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණදි සිටින මෙම වසංගත තත්ත්වයෙන් එගොඩට යාමට ආධාර වන නව ව්‍යාපෘති හා හවුල්කරුවන්ද රටට හඳුන්වාදීමට කදිම තෝතැන්නක් වනවා ඇත.