ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ප්රධාන වශයෙන් පදනම් බලපෑම හේතුවෙන් 2019 ජනවාරි මස පැවති 1.2% සිට පෙබරවාරි මාසයේදී 2.4% දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්යමය උද්ධමනය 2019 ජනවාරි මාසයේ දී වාර්තා වූ 6.5% සිට පෙබරවාරි මාසයේදී 6.7% දක්වා ඉහළ ගිය අතර, ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්යමය උද්ධමනයද 2019 ජනවාරි මාසයේදී වාර්තා වූ -4.8 සිට පෙබරවාරි මාසයේදී -2.9 දක්වා ඉහළ ගියේය.