ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී, ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් පෙබරවාරි 15දා පෙ.ව.10.00 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (6) කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට තීරණය කර තිබේ.
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරනලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුරකගෙන යෑමේ අරමුණින් මෙම නියෝගය ක්‍රියාත්මක කර තිබේ.
මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙන්සේදිවලට සහභාගී විමට පෑන් ඒෂියා බැංකුවට ඇති හැකියාව අත්හිටුවනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කරනු ලැබේ. කෙසේ වෙතත් මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවාවන් සඳහා කිසුදු බලපෑම්ක ඇති නොවන බවද මහ බැංකුව අවධාරණය කරයි.