ශ්රී ලංකන් ගුවන් සමාගම, ගුවන් ගමන් දත්ත විශ්ලේෂණය කිරීමේ Flightstats.com ආයතනය විසින් “ගෝලීය ගුවන් සේවා” සහ “ප්රධාන ගුවන් සේවා” කාණ්ඩ යටතේ සිදුකළ විශලේෂණය තුළින් 2018 සැප්තැම්බර් මාසයේ ලොව වැඩි වශයෙන් නියමිත වේලාවට මෙහෙයුම් සිදුකිරීමේ ගුවන් සේවය බවට පත්වෙමින් සුවිශේෂී කඩයිමක් සනිටුහන් කර ඇත.
මේ අනුව 2018 සැප්තැම්බර් මාසයේ 91.37% ක ගුවන් ගමන් නිසි වේලාවට මෙහෙයුම් සිදුකර ඇති බවට Flightstats.com ආයතනය (www.flightstats.com).විසින් සිදුකළ ගුවන් ගමන් දත්ත විශ්ලේෂණය තුළින් හඳුනාගෙන ඇත.
Flightstats.com ආයතනය මගින් “ගෝලීය ගුවන් සේවා” කාණ්ඩය යටතේ යුරෝපය, උතුරු ඇමරිකාව, ආසියාව, මැදපෙරදිග, දකුණු ඇමරිකාවේ ලොව විශාලතම සහ ගෞරවනීය ගුවන් සේවා මේ යටතේ විශ්ලේෂණය කරන ලදී. මෙම ගුවන් සේවා “කලාපීය ගුවන් සේවා” , “පිරිමැසුම් ගුවන් සේවා”,”ගෝලීය ගුවන් සේවා” සහ “ප්රගධාන ගුවන් සේවා”, යන කාණ්ඩ යටතේ වර්ග කර ඇති අතර ඇතැම් ගුවන් සේවා මෙවැනි කාණ්ඩ කිහිපයකටම අයත් වී ඇත.
“ගෝලීය ගුවන් සේවා” කාණ්ඩය යටතේ ශ්රී ලංකන් ප්රථම ස්ථානය හිමිකර ගැනීමේදී විශ්ලේෂණයට ලක්වූ ඇමරිකානු ගුවන් සේවයක් වන ඩෙල්ටා ගුවන් සේවය නිසිවේලාවට ගුවන් ගමන් සිදුකිරීම වෙනුවෙන් 86.74% වාර්තා කරමින් දෙවැනි ස්ථානයටද, ජපන් ගුවන් සේවයක් වන ANA 86.61%ක් වාර්තා කරමින් තෙවැනි ස්ථානයට පත්ව තිබේ.