කොළඹ කොටස් හුවමාරුව විසින් නේපාල කොටස් හුවමාරුව සහ තැරැව්කාර සමාගම් 36කින් සමන්විත නේපාල ප්රාග්ධන වෙළෙඳ පොළ නියෝජිත පිරිසකට දින දෙකක දැනුම හුවමාරු වැඩමුළුවක් සංවිධානය කර තිබේ.
පසුගියදා පැවති මෙම අවස්ථාව සඳහා වෙළෙඳ පොළ ගනුදෙනු පද්ධතිය සහ එහි තාක්ෂණය, ප්රාග්ධන වෙළෙඳ පොළ නියාමනය, නිෂ්කාශනය සහ පියවීම් සහ අනිකුත් කොටස් වෙළෙඳ පොළ මෙහෙයුම් කටයුතු පිළිබඳව අවබෝධයක් ලබා දී ඇත.
මෙම වැඩමුළුව පිළිබදව අදහස් දක්වමින් නේපාල කොටස් තැරැව්කාර සංගමයෙහි සභාපති ප්රියරාජ් රෙග්මි මහතා පැවසුවේ, “මෙම වැඩසටහන ඉතාමත් අනර්ඝයි. අපි බලාපොරොත්තු වූවාට වඩා අපිට දැනුමක් ලැබුණා. නේපාල කොටස් හුවමාරුවෙහි අන්තර්ජාලය පදනම් කරගත් ස්වයංක්රීය ගනුදෙනු පද්ධතියක් ගොඩනැගීමට, ආයෝජකයන් සඳහා සේවා පහසුකම් දියුණු කිරීම හා අලුත් ආයෝජන අවස්ථා, සේවා සහ නව නිපැයුම් නේපාල ප්රාග්ධන වෙළෙඳ පොළට හඳුන්වා දීමට මෙම වැඩසටහන බෙහෙවින් ප්රයෝජනවත් වුණා” යනුවෙනි.