බලපත්‍රලාභී සුරා බදු බල ප්‍රදේශ හැර අන් සියලු පෙදෙස් නීති විරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍ය මුක්ත කලාප බවට පත් කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් පවත්වා තිබේ.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව ඊට ආසන්න කාල සීමාව තුළ මෙම වැඩපිළවෙළ ක්‍රියාත්මක කර ඇති අතර, මේ යටතේ සිය බල ප්‍රදේශවල විශේෂ වැටලීම් කටයුතු මෙන්ම මුර සංචාර සිදු කරන ලෙසද සුරා බදු කොමසාරිස් ජනරාල් විසින් එහි නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණි.
මීට අමතරව, නීත්‍යනුකූල මත්පැන් බෙදා හැරීමේ හා විකිණීමේ කටයුතු විධිමත්ව සිදුවන බව නිරීක්ෂණය කෙරෙන අතර, බලපත්‍ර කොන්දේසි කඩ කරනු ලබන සුරාබදු බලපත් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විධිවිධාන යොදා ඇත.
මීට අමතරව සමස්ත දිවයින ම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර බලපෑම් පිළිබඳ දැනුම්වත් කිරීම් පාසල්, දහම් පාසල්, වැඩබිම් සහ ස්වේච්ඡා සංවිධාන ආශ්‍රිතව සිදුකෙරෙන බවද කියයි.
නීති විරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් පැවැත්වෙන් මෙම විශේෂ වැඩපිළිවෙළට මහජන සහායද අපේක්ෂා කර තිබේ.
ඒ අනුව, නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දැනුම් දීම සඳහා දුරකතන අංක දෙකක් ප්‍රකාශයට පත් කර ඇති අතර තොරතුරු දැනුම් දෙන්නන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව විශේෂයෙන් කටයුතු කරනු ඇති බවද කියයි.
011-2 045077 / 78 යන දුරකතන අංක ඔස්සේ එම තොරතුරු ලබාදිය හැකි අතර, ජූලි මස 01දා දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.