දළ නිල සංචිත ප්‍රමාණය 2018 මැයි මාසය අවසානයේදී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 8.8 සිට 2018 ජුනි මස අවසානය වනවිට එ.ජ.ඩොලර් බිලියන 9.3ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමෙහි පස්වැනි වාරිකය වන එ.ජ.ඩොලර් මිලියන 252 සහ හම්බන්තොට වරාය පැවරීම වෙනුවෙන් ලද එ.ජ.ඩොලර් මිලියන 585ක තුන්වැනි වාරිකය සමග මේ ආකාරයෙන් දළ නිල සංචිත ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.
මෙම සංචිත මට්ටම ආනයනික මාස 5.0කට සමාන වූ අතර, දළ නිල සංචිත සහ බැංකු අංශයේ විදේශ වත්කම්ද ඇතුළත් මුළු විදේශීය වත්කම් ප්‍රමාණය, 2018 ජුනි මස අවසානය වනවිට ආනයනික මාස 6.1කට සමාන වන පරිදි එ.ජ.ඩොලර් බිලියන 11.3ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.