දළ දේශීය නිෂ්පාදයට දක්වන පළාත්බද විෂමතාවය අඩුවීම පිළිබිඹු කරමින් 2017 වසරේදී බස්නාහිර පළාත ද.දේ.නිෂ්පාදිතයට දක්වන දායකත්වය අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන දළ දේශීය නිෂ්පාදිතය, ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් පළාත් මට්ටමින් සකස් කරගත් දර්ශක යොදා ගනිමින් පළාත් අනුව බෙදා වෙන්කර පළාත් දළ දේශීය නිෂ්පාදනය ඇස්තමේන්තු කෙරෙයි.
කෙසේ වෙතත්, 2017 වසරේදීද බස්නාහිර පළාත අඛණ්ඩව රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතයට ඉහළම දායකත්වය දක්වා ඇති අතර, දෙවැනි හා තෙවැනි ඉහළම දායකත්වය මධ්‍යම හා වයඹ පළාත් විසින් ලබාදී තිබේ.
2017 වසරේදී නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්, පළාත් ද.දේ.නි. සඳහා දක්වන දායකත්වය ඉහළ ගොස් ඇති අතර, බස්නාහිර, දකුණ, උතුරු මැද සහ සබරගමු පළාත්වල දායකත්වය පහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, මධ්‍යම සහ උතුරු පළාත්වල දායකත්වය නොවෙනස්ව පැවතී ඇත.
එමෙන්ම, පළාත් තුළ දළ දේශීය නිෂ්පාදිතයේ ආංශික සංයුතිය සැලකීමේදී, ඌව පළාත හැරුණු විට අනෙකුත් සියලු පළාත් තුළ සේවා අංශය 50%කට වැඩි කැපී පෙනෙන දායකත්වයක් ලබාදෙමින්, ප්රමුඛ අංශය බවට පත්ව ඇති අතර, ඌව පළාත තුළ සේවා අංශයෙහි දායකත්වය 37.8%ක් වී තිබේ. සෑම පළාතකම සේවා කටයුතුවල ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රධාන වශයෙන් තොග සහ සිල්ලර වෙළෙඳාම හා ප්‍රවාහන කටයුතු වර්ධනය වීම හේතු වී ඇත. ඌව පළාතේ පළාත් ද.දේ.නි. සඳහා ප්‍රධාන වශයෙන්ම කර්මාන්ත කටයුතු දායක වී ඇති අතර, එය 44.2%කි. මේ සඳහා පතල් හා කැණීම් කටයුතු සැලකිය යුතු ලෙස වර්ධනය වීම හේතු වී තිබේ. අනෙකුත් පළාත් තුළ කර්මාන්ත කටයුතු මගින් ලබාදුන් දායකත්වය 16.2%ත් 31.5ත් අතර අගයක තිබී ඇත.
රටෙහි සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙහි සාමාන්‍ය ප්‍රවණතාව අනුව යමින්, පළාත් දළ දේශීය නිෂ්පාදිතය සඳහා කෘෂිකාර්මික කටයුතු මගින් ලබාදෙන දායකත්වය අඩු අගයක පැවතී ඇති අතර, එය 2.1%ත් 15.1ත් අතර පැවතී ඇත. 2017 වසරේදී පළාත් ද.දේ.නිෂ්පාදයට කෘෂිකාර්මික කටයුතු මගින් ලබාදුන් ඉහළම දායකත්වය නැගෙනහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, වී නිෂ්පාදනය සහ කරදිය මත්ස්‍ය නිෂ්පාදනය මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.