ඩයලොග් ආසිආටා සමාගම, අඛණ්ඩව 15 වැනි වරටත් මහනුවර ඇසළ පෙරහර සඳහා සිය අනුග්‍රාහක දායකත්වය ලබාදුන් බව නිවේදෙනය කරයි.
පසුගිය අගෝස්තු 13 සිට 23 දක්වා පැවැත් වූ මෙවර දළදා පෙරහර කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන්, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය වීම විශේෂත්වයකි.
'දළදා පෙරහර', නොහොත් 'මහනුවර ඇසළ පෙරහර' ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිකාංග අතරින් මුදුන් මල්කඩ ලෙස සැලකෙන අතර, එය ගෝලීය වශයෙන් පවා ගෞරවයට පාත්රවී ඇති සංස්කෘතික අංගයකි.
වසංගත තත්ත්වය නිසා මෙවර සුපුරුදු පරිදි ආගමික කටයුතු සමග සම්බන්ධ වීමේ අවස්ථාව බැතිමතුන් වෙත හිමි නොවුණත්, මීට විසඳුමක් ලෙස ඩයලොග් සමාගම විසින් මෙම උතුම් පෙරහරේ අවසන් දිනයේ දසුන් 5G තාක්ෂණයෙන්ව බලගැන්වූ සජීව අංශක 360 දර්ශන නැරඹුම් අත්දැකීමක්ද සමග සුවපහසුව සහ ආරක්ෂාව සහිතව නිවසේ සිටම සිය නිල යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹීමේ අවස්ථාව ලබාදී තිබුණි.