ශ්‍රී ලංකා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපද රජය එක්ව පවත්වන ලද නවමු ව්‍යවසායකත්ව පුහුණුවකට සහභාගී වෙමින්, මාතර ප්‍රදේශයේ කාන්තාවන් 20 දෙනෙකු පසුගියදා ජාත්‍යන්තර කාන්තා දිනය සමරා තිබේ. දෙරටේ නියෝජිතයන් මෙම කාන්තාවන් පිළිගෙන, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 6ක සහභාගීත්වයෙන් 7,500 දෙනෙකු සඳහා මෙම වැඩසටහන ව්‍යාප්ත කරන බව නිවේදනය කර ඇත.
මෙහිදී මූල්‍යමය ස්වාධීනත්වය ඇති ක්ෂුද්‍ර ව්‍යවසායකයන් බවට පත්වීම සඳහා ග්‍රාමීය කතුන් සහ තරුණ පිරිස් අතර ව්‍යවසායකත්ව කුසලතා ගොඩනංවන අතර, සමෘද්ධි දෙපාර්තමේන්තුව සමග සිදුකළ නියමු ව්‍යාපෘතියක් හරහා මාතර ප්‍රදේශයේ පුද්ගලයන් 1,250කට පුහුණව ලබාදීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායනය කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාර 410ක් ඇති වූ අතර, ඉන් ව්‍යාපාර 343ක් කාන්තාවන්ට හිමි ව්‍යාපාර බව කියයි. මෙහි දෙවැනි අදියර හරහා මාතර ප්‍රදේශයේ තවත් කාන්තාවන් 1,500කට පුහුණුවන ලබාදෙනු ඇති අතර, තවත් අමතර දිස්ත්‍රික්ක 5ක පුහුණුලාභීන් 6,000ක් සඳහාද පුහුණුව ලබාදෙනු ඇත. YouLead නමින් හඳුන්වන මෙම ව්‍යාපෘතිය, ව්‍යවසායකත්වය පිළිබඳ උනන්දුවක් දක්වන සැමට www.youlead.lk හරහා ව්‍යවසායකත්ව පුහුණු මොඩියුල දියත් කරන බවද පවසයි.