Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ශ්‍රී ලංකා ආර්ථිකයේ ව්‍යුහාත්මක විකාශනයෙහි හැරවුම් ලක්ෂයයක් සනිටුහන් කරමින්, 1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ සිදුකළ ආර්ථික ප්‍රතිසංස්කරණ රටේ සමාජ-ආර්ථික පරිසරයේ වෙනස්කම් ගණනාවක් ඇති කිරීමට හේතු විය. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය, වෙළෙඳ පොළ යාන්ත්‍රණය මත දැඩි රැඳියාවක් ඇති කරන ලද අතර, එමගින් පෞද්ගලික අංශයට ආර්ථිකයෙහි ප්‍රධාන කාර්යභාරයක් ඉටුකිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මිල ගණන් තීරණය කිරීමෙහිලා රජයේ මැදිහත්වීම කැපීපෙනෙන ලෙස පහළ වැටුණු අතර, එමගින් මිල ගණන්වලද සැලකිය යුතු වෙනස්කම් ඇති විය. මෙලෙස පාරිභෝගික භාණ්ඩවල සිල්ලර හා නිෂ්පාදක මිල ගණන් සහ අවිධිමත් අංශයේ කම්කරු වැටුප් වැනි මූලික ආර්ථික දර්ශකවල ඇති වූ වෙනස්කම් නිරීක්ෂණය කිරීම සඳහා දීප ව්‍යාප්ත වෙළෙඳ පොළ තොරතුරු රැස්කිරීමේ අරමුණින්, 1978 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දොපර්තමේන්තුව මගින් දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරනලදී. මෙම වැඩපිළිවෙළ ඔස්සේ වඩාත් නිවැරදි දත්ත රැස්කිරීමේ ක්‍රියාවලියක් ස්ථාපනය කර ගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් දිවයින පුරා දත්ත රැස්කිරීමේ මධ්‍යස්ථාන 100ක් ස්ථාපනය කරනලද අතර, දත්ත රැස්කිරීම සඳහා දත්ත සමීක්ෂකවරුන් ලෙස, ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යානය පිළිබඳ දැනුමක් සහිත තෝරාගත් පාසල් ගුරුවරුන් කණ්ඩායමකගේ සේවය අර්ධකාලීන පදනම මත ලබාගන්නා ලදී. දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙල තුළින් රැස් කරගත් දත්ත, මිල ගණන් සහ වැටුප්වල පවතින ප්‍රාදේශීය විෂමතා මැනීම, මිල සහ වැටුප් දර්ශක ගණනය කිරීම සහ උද්ධමනය පුරෝකථනය කිරීම සඳහා යොදාගත් අතර, ඒවා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී පුළුල් ලෙස සැලකිල්ලට ගන්නා ලදී.
දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ මුල් අවදියේදී, දත්ත රැස්කිරීම නිශ්චිත කාලසීමාවකට වරක් සිදුකරන ලද අතර, මෙම ක්‍රියාවලිය, දත්ත රැස්කිරීමේ පෝරම දත්ත සමීක්ෂකවරුන් වෙත යැවීම, දත්ත රැස්කිරීම සහ සම්පූර්ණ කරනලද පෝරම දත්ත සමීක්ෂකවරුන් විසින් නැවත ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තැපැල් මගින් එවීම, මහ බැංකුවේ දත්ත ක්‍රියාකරුවන් විසින් දත්ත පරිගණකගත කොට වාර්තා සැකසීම යන පියවරවලින් සමන්විත විය. ස්වයංක්‍රීය නොවූ ක්‍රමවේදයක් හරහා සිදුකළ මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට සැලකිය යුතු කාලයක් ගතවීම මෙහි ප්‍රධාන දුර්වලතාවක් වූ අතර, තැපැල් මාර්ගයෙන් දත්ත එවීමේදී ඇතිවන ප්‍රමාදයන් මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපාන ලද බව බොහෝ දත්ත සමීක්ෂකවරුන්ගේ අදහස විය. මෙම ගැටලුවට පිළියමක් ලෙස, දත්ත මහ බැංකුවට එවීම සඳහා විද්‍යුත් තැපැල් ක්‍රමය භාවිත කිරීමේ ක්‍රමවේදයක් 2016 වසරේ මැද භාගයේදී හඳුන්වා දෙන ලදී. කෙසේ වුවද, දත්ත සමීක්ෂකවරුන් විසින් විද්‍යුත් තැපෑල හරහා එවනු ලබන දත්ත පරිගණකගත කිරීම සඳහාද දත්ත ක්‍රියාකරුවන්ට සැලකිය යුතු කාලයක් වැය කිරීමට සිදුවීම හේතුවෙන්, දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙල හරහා ලබාගත් දත්ත අනුසාරයෙන් ගණනය කරනලද සංඛ්‍යාන තත්කාලීනව ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලියට යොදාගැනීම පිළිබඳව යම් ගැටලු සහගත තත්ත්වයක් පැවතිණි. එම නිසා දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙලෙහි ගුණාත්මක බව වර්ධනය කිරීම සඳහා එහි දත්ත රැස්කිරීමේ හා දත්ත මහ බැංකුව වෙත එවීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමු කරන ලදී.
දත්ත රැස් කිරීමේ වැඩපිළිවෙල නව්‍යකරණය කිරීම
2020 වසර වනවිට නම්‍යශීලී උද්ධමන ඉලක්කරණ මුදල් ප්‍රතිපත්ති රාමුව පූර්ණ වශයෙන් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුම් කර ඇති අතර, එම මුදල් ප්‍රතිපත්ති රාමුව තුළ උද්ධමන පුරෝකථනවලට විශේෂ ස්ථානයක් හිමි වේ. මෙම පසුබිම තුළ, උද්ධමන පුරෝකථන සඳහා අවශ්‍ය දත්ත නිසි කලට ලබාගැනීම මෙන්ම, දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙලට අදාල කාර්යයන් සඳහා වැය වන මිනිස් පැය ගණන අවම කිරීම සඳහා, 2017 වසරේ මුල් භාගයේදී මෙම වැඩපිළිවෙල නව්‍යකරණය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදී. නවීකරණය කරනලද දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙල යටතේ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (ජා.පා.මි.ද.) භාණ්ඩ පැසට සමාන භාණ්ඩ පැසක සිල්ලර මිල සහ අවිධිමත් අංශයේ වේතන ප්‍රාදේශීය මට්ටමින් රැස් කිරීමටත්, එමගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා තත්කාලීන දත්ත හා තොරතුරු ලබාගැනීමටත් ප්‍රධාන වශයෙන් අරමුණු කරන ලදී.
නව්‍යකරණ වැඩපිළිවෙල පියවර කිහිපයකින් සමන්විත වූ අතර පළමුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මිල රැස් කිරීමේ ජාලයට අනුරූප වන අයුරින්, දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙලෙහි දත්ත රැස්කිරීමේ මධ්‍යස්ථාන ගණන 53ක් දක්වා අඩු කරන ලදී. ඉන් පසුව, එක් දිස්ත්‍රික්කයක් තුළ වුවද, මිල හා අවිධිමත් අංශයේ වැටුප්වලට අදාළව විවිධ වෙනස්කම් පැවතීම සැලකිල්ලට ගනිමින් සෑම දිස්ත්‍රික්කයකටම දත්ත රැස්කිරීමේ මධ්‍යස්ථාන දෙක බැගින් තෝරා ගැනීමටත්, එසේ තෝරා ගැනීමේදී සෑම දිස්ත්‍රික්කයකින්ම ප්‍රධාන නගර නියෝජනය වන පරිදි එක් මධ්‍යස්ථානයක් සහ අනෙකුත් ප්‍රදේශ නියෝජනය වන පරිදි තවත් මධ්‍යස්ථානයක් මිල සහ වැටුප් දත්ත රැස්කිරීමේ මධ්‍යස්ථාන ලෙස තෝරාගැනීමටත් කටයුතු කරන ලද අතර, එමගින් දිස්ත්‍රික් මට්ටමින් සිදුකළ මිල සහ වැටුප් රැස්කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමට හැකි විය. කෙසේ වුවද, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මිල සහ වැටුප්හි පවත්නා වෙනස්කම් සැලකිල්ලට ගනිමින්, කොළඹ දිස්ත්‍රික්කය සඳහා දත්ත රැස්කිරීමේ මධ්‍යස්ථාන හතරක්ද, ගම්පහ දිස්ත්‍රික්කය සඳහා මධ්‍යස්ථාන තුනක්ද තෝරාගන්නා ලදී. තවද, නව්‍යකරණයට පෙර, දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙල මගින් දත්ත රැස්කිරීමේදී ආවරණය කරගත හැකි වූයේ ජා.පා.මි.ද. පැසට අදාළ අයිතමවලින් සියයට 60ක් පමණ වූ බැවින්, ජා.පා.මි.ද. පැසෙහි අඩංගු අයිතම සමග අනුකූල වන ලෙස දත්ත රැස්කිරීමට හැකි වන පරිදි දත්ත ආකෘතිද වෙනස් කරන ලදී.
දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙල නව්‍යකරණයේදී මුහුණදුන් විශාලතම අභියෝගය වූයේ, ප්‍රතිපත්ති සම්පාදන කටයුතු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට තත්කාලීන දත්ත ලබාගත හැකි වන පරිදි මාර්ගගත පද්ධතියක් (Online System) ස්ථාපිත කිරීමේ කාර්යයයි. ඒ අනුව, දත්ත රැස්කිරීම සහ එම දත්ත සම්පාදනය කිරීම අතර කාල පරතරය අවම කිරීම ඉලක්ක කොට ගෙන, ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් 'දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ යෙදුම' (CWDCS Application) නම් වූ ටැබ්ලට් පරිගණක හරහා දත්ත රැස්කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබිණි.
නව දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙල සඳහා සුදුසුකම් සහිත දත්ත සමීක්ෂකවරුන් තෝරාගැනීම ශ්‍රී ලංකා මහ බැංකුව මුහුණ දුන් තවත් අභියෝගයක් විය. නව්‍යකරණයට පෙර පැවති දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙලෙහි දත්ත සමීක්ෂකවරුන් ලෙස ආර්ථික විද්‍යාව හෝ ඒ ආශ්රිත විෂයයන් පිළිබඳ දැනුම සහිත රජයේ පාසල් ගුරුවරුන් තෝරා ගන්නා ලදී. කෙසේ නමුත්, නව දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙල හඳුන්වාදීමත් සමග ආර්ථික විද්‍යාව හෝ ඒ ආශ්රිත විෂය දැනුමට අමතරව තොරතුරු තාක්ෂණය පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් තිබීමද දත්ත සමීක්ෂකවරුන් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු වූ පූර්ව අවශ්‍යතාවක් විය. ඒ අනුව, ආර්ථික විද්‍යාව හෝ ඒ ආශ්රිත විෂයයන් සහ තොරතුරු තාක්ෂණය යන දෙඅංශයෙහිම දැනුම ඇති පාසල් ගුරුවරුන් කණ්ඩායමක් දත්ත සමීක්ෂකවරුන් ලෙස තෝරාගන්නා ලද අතර, පෙර පැවති දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙලෙහි සිටි තොරතුරු තාක්ෂණය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් සහිත දත්ත සමීක්ෂකවරුන්ටද නව දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙලෙහි දත්ත සමීක්ෂකවරුන් ලෙස කටයුතු කිරීමට අවස්ථාව සලසනු ලැබිණි.
දත්ත සමීක්ෂකවරුන්ට ප්‍රාදේශීය මධ්‍යස්ථානවලින් රැස්කරනු ලබන දත්ත, ටැබ්ලට් පරිගණක හරහා සෘජුවම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කිරීමට (upload) පහසුකම් සලසමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්මාණය කරන ලද 'දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ යෙදුම' නම් වූ මෘදුකාංගය සහිත ටැබ්ලට් පරිගණක, දත්ත සමීක්ෂකවරුන්ට ලබාදෙන ලදී. එමෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දත්ත සමීක්ෂකවරුන් සඳහා සංවිධානය කරනලද පුහුණු සැසි හරහා එම මෘදුකාංගය භාවිත කරන අයුරු පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමටද කටයුතු කරන ලදී. ඉන් අනතුරුව, එතෙක් පවත්වාගෙන එන ලද විද්‍යුත් නොවන දත්ත රැස් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව, නව මෘදුකාංගය සහිත ටැබ්ලට් පරිගණක හරහා දත්ත රැස්කිරීමේ ක්‍රියාවලිය, නියමු ව්‍යාපෘතියක් වශයෙන් මාස තුනක කාලයක් ක්‍රියාත්මක කිරීමෙන් පසු 2018 ජනවාරි 01 වැනි දින ටැබ්ලට් පරිගණක ආශ්රිත නව දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙල නිල වශයෙන් ආරම්භ කරන ලදී. එතැන් සිට, පාරිභෝගික භාණ්ඩ සඳහා වන සිල්ලර හා තොග මිල ගණන් සහ අවිධිමත් පෞද්ගලික අංශයේ රැකියාවල දෛනික වැටුප්, සතිපතා, මාසිකව හා කාර්තුමය වශයෙන් ටැබ්ලට් පරිගණක හරහා එක් රැස්කිරීම අඛණ්ඩව සිදුකරනු ලබන අතර, ඒ මගින් උද්ධමනය පුරෝකථනය කිරීම සහ මිල හා වැටුප් දර්ශක ගණනය කිරීම වඩාත් කාර්යක්ෂමව සිදුකිරීමට අවස්ථාව සැලසිණි.
දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙල මගින් ලබාගන්නා දත්තවල ඇති අඩුපාඩු මගහරවා ගෙන ඒවායේ ගුණාත්මකභාවය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව, මහ බැංකු ප්‍රාදේශීය කාර්යාලවල සහාය ඇතිව දත්ත රැස්කිරීමේ මධ්‍යස්ථාන හා දත්ත සමීක්ෂකවරුන් පිළිබඳව එතැන් හා විතැන් අධීක්ෂණ (on-site and off-site supervisions) සිදුකරනු ලබයි. මීට අමතරව, සියලුම දත්ත සමීක්ෂකවරුන් ආවරණය කරමින් ප්‍රාදේශීය සම්මන්ත්රණ පහක් වාර්ෂිකව පවත්වනු ලබන අතර, මෙම සම්මන්ත්රණයන්හි අරමුණ වන්නේ දත්ත සමීක්ෂකවරුන් විසින් දත්ත රැස්කිරීමේදී සිදුවන පොදු අඩුපාඩු පිළිබඳව ඔවුන්ව දැනුම්වත් කිරීම, දත්ත රැස්කිරීමේ ක්‍රියාවලියේදී ඔවුන් මුහුණදෙන ගැටලු මගහරවා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීම මෙන්ම, වත්මන් සහ අනාගත මිල හා ආර්ථික ප්රවණතා පිළිබඳව දත්ත සමීක්ෂකවරුන් දැනුම්වත් කිරීමය. මෙම සම්මන්ත්‍රණවලට අමතරව, දත්ත රැස්කිරීමේ ක්‍රියාවලියේදී දත්ත සමීක්ෂකවරුන් මුහුණදෙන ගැටලුවලට ක්ෂණිකව විසඳුම් ලබාදීම සඳහා ටැබ්ලට් පරිගණක ආශ්රිත විද්‍යුත් සන්නිවේදන ක්‍රමවේදයක්ද හඳුන්වා දී ඇත.
නව්‍යකරණය කරන ලද වැඩපිළිවෙළෙහි ඇති අනෙකුත් ප්‍රයෝජන
දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙල, පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් සහ අවිධිමත් අංශයේ සේවා නියුක්තිකයන්ගේ වැටුප් පිළිබඳ දත්ත එකතු කිරීමට පමණක් සීමා වී නොමැති අතර, මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ තීරණ ගැනීමේදී අත්‍යවශ්‍යයෙන් යොදාගනු ලබන උද්ධමන අපේක්ෂාවන් පිළිබඳව දත්ත රැස්කිරීම සඳහාද මෙම වැඩපිළිවෙල උපයෝගී කර ගනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් දැනට කුටුම්බ, ව්‍යාපාරික සහ අධ්‍යයන අංශයන්හි උද්ධමන අපේක්ෂාවන් මැනීම සඳහා, මාසික සමීක්ෂණයක් සිදුකරනු ලබන අතර, නව්‍යකරණය කරන ලද දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙලට සම්බන්ධ දත්ත සමීක්ෂකවරුන් කුටුම්බ අංශයේ උද්ධමන අපේක්ෂා පිළිබඳ සමීක්ෂණයේ ප්රතිචාරකයන් ලෙස එක්කර ගැනීම මගින් කොළඹ දිස්ත්‍රික්කයට පමණක් සීමා වී තිබූ, මෙම සමීක්ෂණයේ ආවරණ කලාපය අනෙකුත් සියලුම දිස්ත්ත්රික්ක දක්වා පුළුල් කිරීමටත්, කුටුම්බ අංශයේ උද්ධමන අපේක්ෂා පිළිබඳ සමීක්ෂණ ප්රතිඵලවල නිරවද්‍යතාව වැඩිදියුණු කිරීමටත් හැකි විය.
මීට අමතරව, දිවයින පුරා විහිදුණු ශක්තිමත් හා විශ්වසනීය දත්ත රැස්කිරීමේ ජාලයක් ලෙස හඳුනාගෙන ඇති මෙම නව දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙල, සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලවල සහයෝගීතාවද ඇතිව, කලින් කලට පැන නැගෙන විවිධ සමාජ ආර්ථික ගැටලු පිළිබඳව සමීක්ෂණ පැවැත්වීම සඳහාද යොදා ගනු ලබයි. එලෙස දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙල මගින් මෑතකාලීනව සිදුකරන ලද සමීක්ෂණයක් ලෙස දළ දේශීය නිෂ්පාදිතය පුරෝකථනය කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා යොදාගනු ලබන සිල්ලර වෙළෙඳ පරිමා සමීක්ෂණය පෙන්වා දිය හැකිය.
දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙල මගින් රැස් කරනු ලබන ඇතැම් දත්ත සහ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු සඳහා යොදාගැනීමට අමතරව, බාහිර දත්ත රැස් කිරීමේ ආයතනවල කටයුතු සඳහාද ඔවුන්ගේ ඉල්ලීම් අනුව ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනු ලබයි. එමෙන්ම, රැස්කරනු ලබන දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පළ කරනු ලබන වාර්තා මගින් මහජනතාවගේ දැනගැනීම පිණිසද ප්‍රකාශයට පත්කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd