එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම කඩා වැටෙමින් තිබූ රුපියල ඊයේ (16දා) දිනයේදී යළි අධිප්රමාණය වීමක් වාර්තා කර තිබේ.
ශ්රී ලංකා මහ බැංකුව ඊයේ (16දා) නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.201.28ක් ලෙසිනි. මීට පෙර ඩොලරයේ ඉහළම විකුණුම් මිල පෙරේදා (15දා) වාර්තා වූ අතර, එය සටහන් වූයේ රු.204.62ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගය ලෙසිනි.
මේ අතර මහ බැංකුව නිකුත් කළ දත්ත සටහනට අනුව ඊයේ දිනයේදී ඩොලරයේ ගැනුම් මිල 195.72ක් ලෙස පහළ ගොස් ඇති අතර, එය මීට පෙර ඉහළම අගය පෙරේදා වාර්තා කළේ රු.199.80ක් ලෙසිනි.