තිරිඟු පිටි (බහාලුම්) සඳහා රුපියල් 87ක පාලන මිලක් නියම කොට තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතියකින් තොරව 2018 සැප්තැම්බර් මස 01 වැනි දින සිට තිරිඟු පිටි කිලෝවක මිල රු.5කින් වැඩි කිරීමට ප්‍රීමා ලංකා සමාගම කටයුතු කොට ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය එම අධිකාරියේ සභාපතිවරයාට ලිපියක් මගින් දන්වා සිටියි.
2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 20(5) වගන්ති යටෙත් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් 2015 පෙබරවාරි 20 වැනි දින සාදන ලද අති විශේෂ ගැසට් පත්‍ර අංක 1902/55 යටතේ ප්‍රසිද්ධ කරන ලද නියෝග අංක 31 ට අනුව මෙම පාලන මිල නියම කොට ඇති බවද එම ව්‍යාපාරය මෙහිදී පෙන්වා දෙයි.
විශේෂයෙන්ම, වතු කරයේ ජීවත්වන ජනතාවට හා දිවයින පුරා ජීවත්වන ජනතාවට ජීවත්වීම සඳහා සහනයක් ලෙස 2015 වසරේදී තිරිඟු පිටි සදහා වන මෙම පාලන මිල රජය විසින් නියම කරනලද බවද එහි සඳහන් වේ.
ඒ අනුව, රජයේ එම අභිලාෂය තවදුරටත් සාක්ෂාත් කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත නීතියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව අති විශේෂ ගැසට් පත්‍ර අංක 1902/55 ට අනුව අංක 31 වැනි නියෝගය කඩ කරමින් තිරිඟු පිටි (බහාලුම්) වැඩි මිලට විකිණීම සිදුකරනු ලබන වෙළෙන්ඳන් වෙත නීතිය ක්‍රියාත්මක කරන ලෙස සභාපති අනුර මැදගොඩ මහතාගෙන් ඉල්ලා සිටින බවත්, එසේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඔබ ආයතනය අපොහොසත් වුවහොත් ඊට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට තම සංවිධානය කටයුතු කරන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසා සිටියි.