ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නව ඇගැලුම් කම්හලක් ස්ථාපිත කිරීම සඳහා පසුගියදා අනුමැතිය ලබාදී තිබේ. මෙරට ප්රමුඛ පෙළේ ඇගලුම් නිෂ්පාදන සමාගමක් වන ජේ ජේ මිල්ස් (Jay Jay Miles) ආයතනය හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර අදාල ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී සිදුකෙරිණි.
ඇ.ඩො.මිලියන 4ක ආයෝජනයක් සමග ත්‍රිකුණාමලය කොළඹ පාරේ, කප්පල්තුරෙයි කාර්මික කලාපයේ මෙම ව්‍යෘපෘතිය ක්‍රියාත්මක කෙරේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් සභාපති සංජය මොහොට්ටාල හා ජේ ජේ මිල්ස් (Jay Jay Miles) ආයතනය වෙනුවෙන් බී. සිරිකුමාර් යන මහත්වරු අදාල ගිවිසුමට අත්සන් කළහ.
ජේ ජේ මිල්ස් (Jay Jay Miles) ලංකා ආයතනය ඉන්දියාවේ ජේ ජේ මිල්ස් (Jay Jay Miles) ආයතනයට අනුබද්ධ ආයතනයක් වන අතර, එය 2000 වසරේ සිට මෙරට නිෂ්පාදන ක්‍රියාවලියේ සක්‍රීය දායකත්වයක් උසුලන ආයතනයකි. ළමා ඇගළුම් කේෂ්ත්‍රයේ ලෝ ප්‍රචලිත සන්නාම වන ටෙස්කෝ (Tesco), එම් x එස්, (MxS) Mother Care වැනි සමාගම් වෙනුවෙන් නිෂ්පාදන සිදුකරන ජේ ජේ මිල්ස් (Jay Jay Miles) ලංකා ආයතනය මේ වනවිටත් සිතාවක අපනයන සැකසුම් කලාපය, මාතර කැකණදුර, මොණරාගල සහ මන්නාරම යන ප්‍රදේශයන්හි තම කර්මාන්ත ශාලා ස්ථාපිත කර පවත්වාගෙන යයි.