තායිලන්ත ආයෝජකයන් මෙරට ආයෝජනය කෙරෙහි දිරිමත් කිරීම, කෘෂිකර්ම, සංචාරක, තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්රයන්හි වර්ධනයට අවශ්‍ය දැනුම හා සහයෝගය තායිලන්ත රජය නිරතුරුව ශ්‍රී ලංකාවට ලබාදෙන බව ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලාමණී චර්ටුසුවන් මහත්මිය පවසයි.
පසුගියදා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා එම අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදී ඇය මෙලෙස අදහස් දක්වා තිබේ.
තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර ශතවර්ෂ ගණනාවක සිට පැවත එන ආගමික හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් සවිමත්ව පවත්වාගෙන යාම තම රජයේ අපේක්ෂාව බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
මෙම අවස්ථාවට සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී. කොඩිකාර මහතාද සහභාගි වූ බව එම අමාත්‍යාංශය පවසයි.