ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියරදියත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 07දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප්‍රනාන්දු, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සාමාජික මනිල් ජයසිංහ, ඩිජිටල්කරණ කමිටුවේ සභාපති මෙන්ම සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සාමාජික නරේෂ් අබේසේකර, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස්, කොළඹ කොටස් හුවමාරුවේ අධ්යක්ෂ ජයන්ත ප්‍රනාන්දු, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිළධාරී රජීව බණ්ඩාරනායක, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ආවේක්ෂණ අංශයේ හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධන අංශයේ වැඩබලන අධ්යක්ෂප්රභාෂ් වනිගතුංග සහ කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන තොරතුරු නිළධාරී චන්ද්‍රකාන්ත් ජයසිංහ යන මහත්වරු සහභාගී වූහ.
2020 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ කොවිඩ්-19තත්ත්වය උග්‍රවීමත් සමඟ, කොටස් වෙළෙඳපොළ කටයුතු අඛණ්ඩව පවත්වාගෙනයාම , ආයෝජකයින්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ සේවා ප්රමිතීන් ඉහළ නැංවීම සඳහා කොටස් වෙළෙඳපොළේ මෙහෙයුම් තවදුරටත් ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාව ප්රමුඛස්ථානයක් ගත්තේය. ඩිජිටල්කරණ වැඩසටහන අදියර තුනකින් නිම කිරීමට අපේක්ෂා කරන අතර එය සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපතිතුමා විසින් පත් කරන ලද සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ සාමාජිකයින්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවේ සාමූහික උත්සාහයකි.
2020 සැප්තැම්බර් 17 වැනි දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ඩිජිටල්කරණයේ පළමු වැනි අදියර දියත් කරමින් විශේෂ වැඩසටහනක් පැවැත්වූ අතර ආයෝජකයන් විසින් සිදු කරන කොටස් ගණුදෙනු ක්ෂණිකව තහවුරු කිරීම සහ සාංගමික ක්‍රියාකාරකම් පිළිබඳව ආයෝජකයාඑසැණින්දැනුවත් කිරීමද ඊට ඇතුළත් විය.
ඩිජිටල්කරණයේ පළමු වැනි අදියර සම්පුර්ණ වීමේ සහ මොබයිල් ඇප් එක දියත් කළ දින සිට, එහි සමස්ත ඩවුන්ලෝඩ්ස් සංඛ්‍යාව 65,000 ඉක්මවා ඇති අතර මොබයිල් ඇප් එක හරහා නව මධ්‍යම තැන්පතු ක්‍රම (CDS) ගිණුම් 17,000 ක් විවෘත කර ඇත. තවද, දේශීය තනි පුද්ගල ආයෝජකයින් විසින් විවෘත කරන ලද ගිණුම්වලින් 97% ක්ම මොබයිල් ඇප් එක හරහා විවෘත කරන ලද ගිණුම් වේ. එමෙන්ම විවෘත කරන ලද මුළු ගිණුම් වලින් 84%ක්ම වයස අවුරුදු 18ත් 40ත් අතර වයස් කාණ්ඩයේ අය විසින් විවෘත කර තිබීමද විශේෂත්වයක් ගනී. මෙම නව ඇප් එක ශ්‍රී ලංකාව පුරා විසිර පවතින මිලියන 21 ස්මාට්ෆෝන් ජාලය වෙත වේගයෙන් ළඟාවන ඇප් එකක් බවට පත්ව ඇත. දේශීය සුළු පරිමාණ ආයෝජකයින්ගේ සහභාගීත්වයේ මෙම තියුණු වැඩිවීමෙන් පිළිබිඹු වන්නේ කොටස් වෙළෙඳපොළ මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම හරහා වඩාත් තාක්ෂණයට යොමුවූ ආයෝජකයන්ගෙන් සැදුම්ලත් විශාල පිරිසක් වෙත ළඟාවීමට හැකි වී ඇති බවයි.
ඩිජිටල්කරණ වැඩසටහනේ දෙවැනි අදියර තුළින් ආයෝජකයින්, නිකුත් කරන්නන් සහ කොටස් තැරැව්කරුවන් ඇතුළු තවත් පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා සපුරාලනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කොටස් තැරැව්කරුවන්ට සිය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන ලිපි ලේඛන මුද්‍රණය,සකස් කිරීම සහ බෙදා හැරීම වැනි කාර්යයන් සඳහා දරන වියදම් අඩුකර ගනිමින් මහජනතාව වෙත වඩා ඵලදායී ලෙස ළඟාවීමටද මෙමගින් හැකියාව ලැබේ.
ආයෝජකයන්ට පුළුල් ප්රතිලාභ රැසක් අත්කර දෙන මෙම නව මොබයිල් ඇප් එක මගින්, ලෝකයේ ඕනෑම රටක සිට ආයෝජකයෙකුට තම ආයෝජක කළඹ වෙත ප්රවේශවීමට අවස්ථාව සැළසී ඇත. තවද, අතීත ගනුදෙනු සහ CDS මාසික ප්‍රකාශයන් ලබාගැනීමටත් මෙන්ම ආයෝජකයින්ට තම CDS ගිණුමේ තොරතුරු වෙනස් කිරීමට ඉල්ලා සිටීමේ හැකියාව ඇතුළු වෙනත් ප්රතිලාභ රැසක් ලබාදෙනු ඇත. ආයෝජන අත්දැකීම් සැලකිය යුතු ලෙස සරල කිරීමත්, ආයෝජකයින් සඳහා වැඩි වටිනාකමක් මෙන්ම වෙළෙඳපොළෙහි දිගුකාලීන සංවර්ධනය සඳහා අරමුණු කරගත් ලිපිගොනු, පර්යේෂණ වාර්තා ලබාගැනීමට අවස්ථාව සළසාදීමත් මෙමනව මොබයිල් ඇප් එක තුළ අන්තර්ගත පහසුකම්වලින් අපේක්ෂා කෙරේ.
ජංගම දුරකථන හරහා අලුතින් හඳුන්වාදුන් මෙම නව පහසුකමෙහි අන්තර්ගත නවතම අංග අතරට CDS eConnect, MYCSE ඇතුළත් වන අතර එමගින් කොටස් වෙළෙඳපොළේ පුළුල් පරාසයක පාර්ශවකරුවන්ට ප්රතිලාභ ලබා දෙයි. ඩිජිටල්කරණයේ දෙවන අදියර සමඟින් කොළඹ කොටස් හුවමාරුවේ වෙබ් අඩවියෙහි ද නව අංග කිහිපයක් ඇතුළත් කර ඇති අතර ‘Investo’ ත්‍රිභාෂා චැට්බෝට් හෝ voice උපකාරක පහසුකම ඉන් කිහිපයකි. එමගින් වෙබ් අඩවියපරිශීලකයන්ට ඵලදායි අත්දැකීමක් වැඩි වේගයකින් ලබාගැනීමට හැකි වී තිබේ.
මෙම වැඩසටහන මඟින් මොබයිල් ඇප් පහසුකම හරහා දේශීය සමාගම්වලටද CDS ගිණුම් විවෘත කිරීමට හැකියාව ලැබී ඇති අතර, ආයෝජකයන්ටද ඕනෑම තැනක සිට මූලික කොටස් නිකුතුව සඳහා ඉල්ලුම් කිරීමටත්, ඔවුන්ගේ මූලික කොටස් නිකුතු අයදුම්පත්වල ප්‍රගතිය තක්සේරු කිරීමටත් හැකිවී තිබේ.
මෙම ක්රියාවලියෙහි තවදුරටත් ඉදිරියට යමින්, කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ තෙවන අදියර, 2021 සිව්වන කාර්තුව වන විට අවසන් කිරීමට නියමිතව ඇති අතර, රජයේ න්‍යාය පත්‍රයට අනුකූලව හොඳින් ආරක්ෂිත ඉදිරිපෙළ තාක්ෂණික රාමුවක් යටතේ වඩාත් නව්‍ය, කාර්යක්ෂම සුරැකුම්පත් වෙළෙඳපොළක් ඇති කිරීම සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුවේ මුලික අරමුණයි. මෙම ඩිජිටල් විප්ලවයෙන් විශාල ප්‍රතිලාභයක් ලබා ගැනීමටත්, ආර්ථික වර්ධනයේ ඊළඟ මට්ටමට රට ගෙන යාමටත් ශ්‍රී ලංකාව සූදානමින් සිටී.