මෙවර G20 රාජ්ය නායක සමුළුවේ වඩාත් අවධානය දිනාගත් හමුව ලෙස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනපති ෂී ජින්පිං අතර හමුව සැලකේ.
මෙම හමුවේදී දෙරට අතර වෙළෙඳ ගනුදෙනු සම්බන්ධ සාකච්ඡා යළි ආරම්භ කිරීමට දෙරටේම නායකයන් එකඟවීම ලෝක ආර්ථයකටද යම් අස්වැසිල්ලක් බව විචාරකයෝ පවසති.
එමෙන්ම, මේ දක්වා අදාළ ආර්ථික ගට්ඨනය හමුවේ පැවති උණුසුම්කාරී වාතාවරණය යම් සමනය වීමකට ලක්වීමක් ලෙසද මෙම හමුව සැලකේ.
මීට අමතරව, හුවාවේ සමාගම සම්බන්ධයෙන් තිබූ සම්බාධක පැණවීම්ද ලිහිල් කිරීමට ට්රම්ප් කතිකා කරගෙන ඇති අතර, ඇමෙරිකානු සමාගම් සමග පවතින සබඳතා තවදුරටත් සිදුකිරීමට හුවාවේ සමාගමට අවස්ථාව හිමිව තිබේ.
කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවලින් පසුව ට්රම්ප් කියා තිබුණේ, මේ අවස්ථාවේදී චීනය වෙත පනවා ඇති තීරුබදු සම්පූර්ණයෙන් ඉවත් කිරීමත් මෙතෙක් සිදු නොවනු ඇති බවය.
කෙසේ වෙතත්, වෙළෙඳ ගනුදෙනු සම්බන්ධයෙන් දෙරටේ සාකච්ඡා ඇරඹෙනු ඇති බව ට්රම්ප් කියා තිබේ.