2018 ජුනි මාසයේදී පැවති මතුපිට උද්ධමනය ලක්ෂ්යමය පදනම මත 2.5% සිට ජූලි මාසයේදී 3.4%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් ඉන්දු බණ්ඩාර මහත්මිය මෙම තොරතුරු අනාවරණය කරයි.
මෙම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් පෙර වසරේ පැවති පහළ පදනම සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිලෙහි වූ මාසික ඉහළ යෑම හේතු වී තිබේ.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2018 ජුනි මාසයේදී වාර්තා වූ 5.3% සිට 2018 ජූලි මාසයේදී 5.1%ක් දක්වා පහළ ගොස් තිබේ.